2026 ජූනි 05, පෙ.ව. 10:35
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය මේ වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.
රජයට සිදු වූ යම් යම් වියදම් හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා අදහසක් පළ කරන්නට ඇති බව තමන් විශ්වාස කරන බවද ඇය පැවසුවා.
එමෙන්ම, දේශපාලන ප්‍රකාශයන් දෙස පමණක් බලා නිගමනවලට එළඹීම වෙනුවට, සැබෑ ලෙසම භූමියේ සිදුව ඇත්තේ කුමක්ද යන්න සොයා බැලීම වඩාත් වැදගත් වන බවද ඇය මෙහිදී පෙන්වා දුන්නා.
එහිදී වැඩිදුරටත් අහහස් දක්වමින් ඇය කියා සිටියේ,
“ඉලෙක්ෂන් එක වෙනුවෙන් වෙන් කරපු මුදල් අපි දැනුවත් පරිදි හැම වෙනත් කාරණයකට වෙන් කරලා නැහැ.එහෙම උනා නම් මම හිතන්නේ අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වෙනවා. මං හරියටම දැක්කේ නෑ ඔහු කියපු එක. මම දැක්ක නිව්ස් වල පොඩි පොඩි කෑලි ගහලා දාලා තියෙනවා. මං හිතන්නේ එතුමා කියාගෙන එන්නේ, අපිට වියදම් කරන්න සිද්ධ වුණා එතකොට ඒකත් එක්ක මැතිවරණය තියන්න සිද්ධ වෙන්නේ නෑ වගේ අදහසක් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් හැටියට ප්‍රකාශ කළා. එහෙම වෙලා තියෙනවද නැද්ද කියන එක ඒ ප්‍රකාශයෙන්ම උකහා ගන්නට උත්සාහ කරන්නේ නැතුව ඇත්තටම සිද්ධ වෙලාද නැද්ද කියන එකනේ වැදගත් කාරණය.”
රුපවාහිනී නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඇය අවධාරණය කළේ, මැතිවරණය වෙනුවෙන් වෙන් කළ මුදල් වෙනත් කාරණා සඳහා වෙන් කර නොමැති බවයි.
2026 ජූනි 05, පෙ.ව. 10:58
2026 ජූනි 05, පෙ.ව. 10:54
2026 ජූනි 05, පෙ.ව. 10:14
2026 ජූනි 05, පෙ.ව. 9:32
2026 ජූනි 05, පෙ.ව. 12:25
05-06-26
05-06-26
04-06-26
04-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
03-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26
02-06-26