2026 ජූනි 11, පෙ.ව. 12:18
කල්බදු මූල්‍යකරණ පනත යටතේ ලියාපදිංචි වූ Co-operative Leasing Company Limited ආයතනයේ ලියාපදිංචිය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවලංගු කර තිබෙන බව සඳහන්.
ඒ අනුව මහ බැංකුව දක්වන්නේ 2010 අංක 02 දරන කල්බදු මූල්‍යකරණ වාර්තාකරණ විධානයට අඛණ්ඩව අනුකූල නොවීම සහ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම යටතේ නියමිත අවශ්‍යතා සපුරාලීමට අසමත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
එසේම වරින් වර ලබාදුන් කාලය දිගුවීම් තිබුණද, ආයතනයෙන් තෘප්තිමත් ප්‍රගතියක් නොපෙන්වූ බවද මහ බැංකුව සඳහන් කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම ව්‍යාපාරයේ ස්ථායීතාවය වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීමටද ආයතනය අසමත් වී ඇති බව සඳහන්.
එබැවින් 2026 ජූනි 10 සිට බලපැවැත්වෙන ආකාරයට මෙම ලියාපදිංචිය අවලංගු කර ඇති බවත් එම දිනයෙන් අනතුරුව Co-operative Leasing Company Limited ආයතනයට නව කල්බදු මූල්‍ය කටයුතු සිදු කිරීමට නීතිමය බලය නොමැති බවත් මහජනයාට දැනුම් දී ඇති බවත් සඳහන්.
2026 ජූනි 11, පෙ.ව. 12:26
2026 ජූනි 11, පෙ.ව. 12:22
2026 ජූනි 11, පෙ.ව. 12:19
2026 ජූනි 11, පෙ.ව. 12:17
2026 ජූනි 11, පෙ.ව. 12:12
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
11-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26