hit counter

2026 ජූනි මස 30 වන අඟහරුවාදා

2026 ජූලි 01, පෙ.ව. 12:33



ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ ජූනි මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමන අනුපාතය 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2026 මැයි මාසයේදී කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමනය 5.5%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2026 ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 3.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මැයි මාසයේදී වාර්තා වූයේ 0.9%ක් ලෙසය.

එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය ද ජූනි මාසයේදී 8.4%ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය 2026 මැයි මාසයේදී 7.8%ක් ලෙස වාර්තා විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: