2026 ජූලි 10, පෙ.ව. 10:41
වත්මන් රජය විසින් චෝදනාවක් ගොතලා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අත්අඩංගුවට ගැනීමට සැලසුමක් ක්‍රියාත්මක කරගෙන යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
රජයට හිතවාදී සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කරගනිමින් දයාසිරි ජයසේකර ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර ඇති බවටත් මෙය මහා පරිමාණ දූෂණයක් බවටත් පෙන්වීමට රජය උත්සාහ කරමින් සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
රජය අද දේශපාලන දඩයමක නිරත වන බවත් එය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් එනිසා මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ අයිතිවාසිකම් වෙනුවෙන් අනිවාර්යෙන්ම පෙනී සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (09) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,
“දැන් තමන් සතු සමාජ මාධ්‍ය අතකොලුවක්, වහලුන් උපයෝගී කරගෙන පසුබිම සකස් කරනවා දයාසිරි ජයසේකර මැතිතුමා වැරදි බිල් ඉදිරිපත් කරලා. අයුතු ලෙස තමන්ට ලබාදුන් ප්‍රධානය වැරදි ආකාරයට පාවිච්චි කරයි කියන යම් කිසි චෝදනාවක් ගොතලා එතුමාව අත්අඩංගුවට ගන්නට අද මේ රජය සැලසුම් කරගෙන යනවා.
එතකොට රජයට වෙලාවක් නෑ බන්ධනාගාර පද්ධතිය කලමණාකරනය කරන්න. කඩා වැටෙන ආර්ථිකය පනගන්වන්න. දුප්පත් කම තුරන් කරන්න. මන්දපෝෂණයට විසදුම් ලබා දෙන්න. ඩෙංගු මර්දන ව්‍යාපාරය සාර්ථක කරවන්න. දිට්වා විනාශය තුළ ඒ හානියට ලක්වු අයට පොරොන්දු වු සහන ටික ලබාදෙන්න.
ලබාදෙනවා කියපු දේවල්, ඒවා කරන්නේ නැතිව අද දේශපාලන දඩයමක නිරත වීම ලැජ්ජා සහගත ක්‍රියාවක්. නිර්ලජ්ජිත ක්‍රියාවක්. එනිසා අපි පැහැදිළිවම කියන්න කැමතියි, දයාසිරි ජයසේකර මැතිතුමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි අනිවාර්යෙන්ම පෙනී හිටිනවා කියන එක මම මේ අවස්තාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා.”
2026 ජූලි 11, පෙ.ව. 12:31
2026 ජූලි 11, පෙ.ව. 12:27
2026 ජූලි 11, පෙ.ව. 12:17
2026 ජූලි 11, පෙ.ව. 12:14
2026 ජූලි 11, පෙ.ව. 12:14
11-07-26
11-07-26
11-07-26
11-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26
08-07-26
08-07-26
08-07-26
08-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
07-07-26
06-07-26
06-07-26