2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:26
තමන් මැතිවරණවලට ඉදිරිපත්වීමට අකමැති බවත් නමුත් එයින් අදහස් කරන්නේ දේශපාලනයෙන් ඉවත් වීම නොවන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසනවා.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළා.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූවේද ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට බවත් දේශපාලනය සිදු කිරීම යනු මැතිවරණ සඳහා ඉදිරිපත් වීමම නොවන බවත් ඔහු එහිදී පැහැදිලි කළා.
තමා වසර 42ක් තිස්සේ දේශපාලනය සිදු කරමින් සිටින බවත් මන්ත්‍රීධුරයක් හෝ අමාත්‍යධුරයක් දැරීම පමණක් දේශපාලනයට අදාළ නොවන බවද අමාත්‍ය කේ.ඩී. ලාක් කාන්ත මහතා පවසා සිටියා.
තමාට මෙන්ම ජනාධිපතිවරයාටද අවශ්‍යනම් ඊළඟ මැතිවරණයකදී ඉදිරිපත් නොවී සිටීමට හැකියාව ඇති බවද එය ජනාධිපතිවරයා සහ පක්ෂය විසින් තීරණය කරනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
එහින් අදහස් කරන්නේ තම දේශපාලන පක්ෂය නියෝජනය කරමින් කිසිවෙක් මැතිවරණ සඳහා ඉදිරිපත් නොවී සිටීම නොවන බවද ඒ සඳහා ඕනැතරම් පිරිසක් පක්ෂය තුළ සිටින බවද ඔහු පැවසුවා.
කෙසේ නමුත් තවමත් ජාතික ජන බලවේග ආණ්ඩුවට අභියෝගයක් වන කිසිදු දේශපාලන පක්ෂයක් විපක්ෂය තුළ නොපවතින බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:32
2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 16, පෙ.ව. 12:18
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26