hit counter

2026 අගෝස්‍තු මස 17 වන සඳුදා

2026 අගෝස්‍තු 17, පෙ.ව. 12:12



මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට වී මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දෙන පොලී රහිත ණය පහසුකමේ ප්‍රතිලාභය සෘජුවම ගොවියා වෙත ලබා දීමට පියවර ගන්නා බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, කිලෝ 64ක වී මිටියක් රුපියල් 6,000ක මිලකට මිලදී ගැනීමට මහා පරිමාණ මෝල් හිමියන් මේ වන විට එකඟතාව පළ කර ඇති බවයි.

එමෙන්ම ඉදිරි සතිය ඇතුළත එම මිල රුපියල් 6,800 දක්වා ඉහළ නැංවීමට ද මෝල් හිමියන් කටයුතු කරනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

“රජය මේ මුදල් ලබා දෙන්නේ රටේ ජාතික නිෂ්පාදනය සුරක්ෂිත කිරීම වෙනුවෙන්. ගොවියාට සිය වී කිලෝවකට රුපියල් 120ක පමණ සාධාරණ මිලක් ලැබෙන අතරම, පාරිභෝගිකයාට ද සහනදායී මිලකට සහල් ලබා දීම අපේ අරමුණයි,” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රජය විසින් මෝල් හිමියන් කෙරෙහි තැබූ විශ්වාසය මත මෙම පොලී රහිත ණය ලබා දෙන බවත්, එමගින් තම ව්‍යාපාර දියුණු කරගන්නා අතරම ගොවි ජනතාවට උපරිම සහනයක් සැලසීමට ඔවුන් කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය. ඉදිරියේදී ගොවි ජනතාව වෙනුවෙන් තවත් සහන රැසක් ලබා දීමට රජය සූදානම් බව ද ටී.බී. සරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: