hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2026 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:09



ආණ්ඩුව වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සමාජ මාධ්‍යවල පෙනී සිටින කණ්ඩායම් නතර කිරීමේ හැකියාවක් තමන්ට නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

“අපි වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ පෙනී ඉන්නේ ස්වේච්ඡාවෙන් නම් අපට ඒක නවත්තන්න බෑ. ජාතික ජන බලවේගය වෙනුවෙන් පෙනී ඉන්න පිරිස අතිවිශාලයි. අපි කියලා නෙමෙයි, ස්වේච්ඡාවෙන්. අපි ගරු කරනවා, අගය කරනවා ඔවුන්ගේ මැදිහත්වීම.

කුළියට ලියන අය නෙමෙයි, කුළියට මඩ ගහන අය නෙමෙයි, කුළියට කමෙන්ට් දාන අය නෙමෙයි, ස්වේච්ඡාවෙන් මේ ව්‍යාපාරය වෙනුවෙන් පෙනී ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා අපට ස්වේච්ඡාවෙන් වැඩ කරන බලඇනි ඔටෝමැටිකලි හැදෙනවා. ඒ බලඇනි තමයි, ප්‍රගතිශීලි ජනතා ව්‍යාපාර ආරක්ෂා කරන්නේ.

හැමෝම දැන ගනියි, ඔය හැම බලවේගයකටම වඩා ප්‍රගතිශීලි ජනතා බලවේගවලින් ඔටෝමැටිකලි හැදෙන පුළුල් ජනතා බලවේග තමයි බලවත් කියලා. ඒක හැදෙන එක හොඳයි. අපට ඒක නතර කරන්න ඕන නෑ.”

අමාත්‍ය වසන්ත සමරසිංහ මේ බව ප්‍රකාශ කළේ හරි tv අන්තර්ජාල නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: