hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:35



මේ රටට ආදරය කරන විපක්ෂයේ දේශපාලකයන් ගෙදරට වී සිටින පසුබිමක ආණ්ඩුවට විරුද්ධව කෑ මොර දෙන්නේ අත්අඩංගුවට පත්වේයැයි බියෙන් සිටින දූෂිතයන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ආශු මාරසිංහ පවසයි.

“සුන් බුන් විපක්ෂය එකතු කරගෙන මේ ගමන යන්න බෑ. අපි තේරුම් ගන්න ඕන අපේ මතය පරාදයි. අපි පරාද වුණාම ජයග්‍රහණය කළ ජනමතයට කාලයක් ආණ්ඩු කරන්න අවස්ථාව දෙන්න ඕන.

වැරදි කළ රාජපක්ෂලා තමයි, මේ රට විනාශ කළේ. කැත දේශපාලන ගෙනාවේ ඒගොල්ලෝ. යහපාලන ආණ්ඩුව ගෙනාවේ ඔවුන්ට දඬුවම් කරන්න. එදා සමහර රජයේ නිලධාරීන් ඒවා බැලන්ස් කළා. නඩු යට ගැහුවා.

මේ රටේ පාගා ගත්තු, ධනය පිටරට යැවූ සියලුම දේශපාලකයන්ට දඬුවම් දෙන්න ඕන. අනුර දිසානායක විපක්ෂයේ සිටිද්දි වැරදිකාරයන්ට දඬුවම් දෙන්න මහන්සි වුණා. අද එතුමාට බලය ලැබිලා. මේ රට සුද්ද කරන එකට නම් කැමතියි.

විපක්ෂයේ හොඳ අය ඉන්නවා, ඒ අය ගෙදර ඉඳලා පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි එළියට ඇවිල්ලා ඉන්නේ තමන් අත්අඩංගුවට කියලා බයෙන් ඉන්න කණ්ඩායම.”

මාධ්‍ය අමතමින් ආශු මාරසිංහ මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: