2026 සැප්තැම්බර් 15, පෙ.ව. 12:08
මං කිසිම දවසක හිතාමතා කාටවත් රිද්දලා නෑ. ඒත් පොඩි කාලේ ඉඳලම ගුටි බැට කාපු ශාරීරික වගේම මානසික කැළැල් මගේ ඇඟ ඇතුළේ තියෙනවා.මට කාගෙවත් අනුකම්පාව එපා. මොකද පුංචි කාලේ ඉඳන්ම මට ලැබුණේ අනුකම්පාව විතරයි – ශෙහානි කහදවල කඳුලු කියයි
පුංචි තිරය හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය, හැමවිටම දකින්න ලැබෙන්නේ මුහුණ පිරුණු හුරුබුහුටි හිනාවකින්. ඒත් ඒ ලස්සන සිනහව පිටිපස්සේ හැංගිලා තිබුණු කඳුළු කතාව සහ ජීවිතයේ කටුක යථාර්ථය ගැන මුළු රටම දැනගත්තේ ඇය සමාජ මාධ්‍ය වෙත එක්කළ සංවේදී සටහනත් එක්කයි.
ඒ ජනප්‍රිය රංගන ශිල්පිනී ශෙහානි කහඳවල.
තමන්ගේ පුංචි කාලයේ ඡායාරූපයක්ද සමඟින් මුහුණුපොතට අතිශය දීර්ඝ සහ වේදනාකාරී සටහනක් එක්කරමින් ශෙහානි පවසන්නේ, තමන් විඳින මේ මානසික පීඩනය කෙතරම්ද යත්, මෙය ලියන මොහොතේදීත් දෑස් කඳුළින් පිරී යන බවයි.
ජීවිතේ අසරණම තැනකට වැටුණු විට තමන්ව අගය කළා යැයි සිතූ මිනිසුන්ගේ සැබෑ මුහුණුවර හෙළිදරව් වන බව පවසන ඇය, තමන් ආදරය කළ පුද්ගලයන්ගෙන් ලැබුණු නොසැලකිල්ල හමුවේ දැඩි ලෙස කඩා වැටුණු බව සඳහන් කර ඇත.
“මං කිසිම දවසක හිතාමතා කාටවත් රිද්දලා නෑ. ඒත් පොඩි කාලේ ඉඳලම ගුටි බැට කාපු ශාරීරික වගේම මානසික කැළැල් මගේ ඇඟ ඇතුළේ තියෙනවා. කිසි දෙයක් නොවුණ ගාණට ඒ හැමදේම හංගගෙන ඉස්කෝලේ ගිය හැටි මට මතකයි. මං මගේ පෞද්ගලික ප්‍රශ්න ප්‍රසිද්ධියට දාන කෙනෙක් නෙවෙයි. මට කාගෙවත් අනුකම්පාව එපා. මොකද පුංචි කාලේ ඉඳන්ම මට ලැබුණේ අනුකම්පාව විතරයි. උපන් දවසේ ඉඳන්ම මං ජීවිතේ එක්ක සටන් කරනවා” යනුවෙන් ඇය එහි සඳහන් කර තිබේ.
සමහර අවස්ථාවලදී ජීවිතය දරාගැනීම පවා අසීරු බවක් දැනුණු බවත්, එහෙත් මේ සියලු කඩා වැටීම් මැද වුවද, නැවතත් ජීවත් වෙන්න හේතුවක් සොයාගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, තමන්ට අවශ්‍ය වන්නේ තමන්ගේ වටිනාකම සැකයට ලක් නොකර, තමන්ව තේරුම් ගන්නා එකම එක අව්‍යාජ හදවතක සැබෑ ආදරය පමණක් බවත් ඇය එහි සඳහන් කර තිබෙනවා.
තමන් තවමත් කතා කරන්නේ අතීතයේ සිටම වේදනා විඳි, ආදරය පමණක් බලාපොරොත්තු වූ ඒ අසරණ පුංචි කෙල්ලගේ හදවතින් බව ශෙහානි ලියූ ඒ වචන දුටු රසික රසිකාවියන් ඇතුළු මුළු කලා ක්ෂේත්රයම දැඩි කම්පනයකට පත්ව තිබෙනවා.
2026 සැප්තැම්බර් 15, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 14, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 13, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 11, ප.ව. 4:10
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26