hit counter

2026 සැප්‍තැම්‍බර් මස 17 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:19



ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙදෙනෙකු වන යුරේනි නොෂිකා සහ රෂි පබා සංදීපනී අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි වචන හුවමාරුවක් ඇතිවී ඇති බවට සමාජ මාධ්‍ය අවකාශයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

යුරේනි නොෂිකා විසින් සිය නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි Stories හරහා අනෙක් පාර්ශ්වය ඉලක්ක කර ගනිමින් චෝදනා රැසක් එල්ල කර ඇති බවට screenshots කිහිපයක් සංසරණය වෙමින් පවතී. එම සටහන් වල වෘත්තීය කටයුතු, පෞද්ගලික සබඳතා සහ වෙනත් පෞද්ගලික කරුණු සම්බන්ධයෙන් අදහස් ඇතුළත් වී ඇති බව දක්නට ලැබේ.

මේ අතර යුරේනි මෙලෙසද පවසා තිබුනා. හෘද සාක්ෂියක් ඇතුව තමන් තමන් වෙලා ජීවත් වෙන එකට තමයි ඇත්තටම පොෂ් කියන්නෙ.නිකම් පොෂ්වෙන්න යන අයහත්පොලේ ගාගන් හැටි අපි ඕනෑතරම් දැකල තියනවා. යනුවෙන් තව මෙලෙස චෝදනා රැසක් ඇය රෂී පබා වෙක එල්ල කර තිබුනා.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයන් තහවුරු නොකළ පෞද්ගලික චෝදනා වන අතර, ඒවායේ සත්‍ය අසත්‍යතාවය ස්වාධීනව තහවුරු කර නොමැත. මෙම ආන්දෝලනාත්මක ප්‍රසිද්ධ චෝදනා කිරීම් හේතුවෙන් මේ වන විට කලා ක්ෂේත්‍රය මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ද දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ අනෙක් පාර්ශ්වය වන රෂි පබා මෙතෙක් නිල වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැත. දෙපාර්ශ්වයේම නිල ප්‍රතිචාර ලැබෙන තුරු මෙම චෝදනා පෞද්ගලික මතභේදයක් ලෙස සැලකීම වඩාත් සුදුසුය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: