2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:28
Sri Lankan Spice Expo – 2026 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයනේදී පැවැත්වෙයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ Sri Lankan Spice Expo – 2026 කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහස් උයනේදී පැවැත්විණ.
කුළුබඩු කර්මාන්තයේ නියැලෙන ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම, කුළුබඩු නිෂ්පාදනය සහ අලෙවිකරණය ආශ්රිත ගැටළු නිරාකරණය සඳහා මඟ පෙන්විම, සාර්ථක ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික අත්දැකීම් බෙදාහදා ගැනීම, නව තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා මෙම ප්‍රදර්ශනයේදී අවස්ථාව උදා විය.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය.
“කුළුබඩු ක්ෂේත්රයට සම්බන්ධ වෙන අයගේ ආර්ථිකය හොඳයි. අපනයන බෝග වගාවට සම්බන්ධ වෙන ගොවීන් සහ ව්‍යවසායකයින් අනෙකුත් බෝග වගා කරන අයත් එක්ක සංසන්දනය කරද්දි ආර්ථිකය අතින් ශක්තිමත්.
මේ වෙනකොට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ක්‍රියාත්මක වෙනවා ගොවීන් සහ ව්‍යවසායකයින් එකතු කරගෙන. අපේ අපනයන කෘෂි මහිම කියන වැඩසටහන තුළ එක භූමියකට අනන්‍යතාවයක් දෙන්න. යම් තෝරාගත් ප්‍රදේශයකට අපනයන බෝග දෙකක් හඳුන්වා දෙන්න මේ වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙනවා. එතනදි අපනයන බෝග දෙකක් මූලික කරගත් ප්‍රදේශ නිර්මාණය කරනවා. එතකොට ඕන කෙනෙක්ව එතනට සම්බන්ධ කරන්න පුළුවන්.
අපිට ඕනේ ඔබ අතරින් සෘජුවම විදේශ වෙළඳපොළත් එක්ක කටයුතු කරන්න පුළුවන් පරම්පරාවක් බිහිකර ගන්න. අතරමැදියාගෙන් තොරව. අපි උත්සාහයක් දරමින් ඉන්නවා විදේශ තානාපතිවරු හරහා විදේශ වෙළඳපොළ සොයාගන්න. මේ ක්ෂේත්රයට සම්බන්ධවෙලා ඉන්න අයට දැන් තියෙනවට වඩා හොඳ ආර්ථිකයක් හදලා දෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.
ඉස්සර මේක සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව. නමින්ම වට්ටලා තිබුණේ. දැන් මේකේ සුළු කෑල්ල නැහැ. අපිට මේ ක්ෂේත්රයේ ව්‍යවසායකයින් තව හදාගන්න ඕනේ. ව්‍යවසායකයින් කියන්නේ අභියෝගයක් අරගෙන කටයුතු කරන කෙනෙක්.
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:21
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:18
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 20, පෙ.ව. 12:13
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26