hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:14



මෛත්‍රී රාමක්‍රිෂ්ණන් කියන්නේ Netflix හරහා මුළු ලෝකයම දිනාගත්ත අපේ රටේ සම්භවයක් තියෙන රංගන ශිල්පිනියක්නේ. හැබැයි මේ දවස්වල සෝශල් මීඩියා පුරාම ඇය ගැන ටිකක් වෙනස් විදියේ කතාවක් කතා කරන්න පටන් අරන්. හේතුව තමයි ඇය තමන්ගේ මුල් හිමිකම ශ්‍රී ලාංකිකයෙක් විදියට නෙවෙයි. කැනේඩියානු ජාතිකයෙක් සහ ‘ඊළාම් දෙමළ’ අනන්‍යතාවයක් සහිත කෙනෙක් විදියට හඳුන්වා දෙන්න තීරණය කිරීම. ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් වගේම අලුත්ම නිර්මාණ එක්ක පළවුණු කමෙන්ට්ස් දිහා බැලුවාම ලංකාවේ දෙමාපියන්ට උපන් ඇය තමන්ගේ මව්බිමේ නම කියන්න අදිමදි කිරීම ගැන බොහෝ දෙනෙක් සෑහෙන්න නුරුස්සන ගතියකින් තමා ඇය ගැන කතා කරන්නේ.

හැබැයි මේ කතාව එක පැත්තකින් “තමන්ගේ මුල අමතක කරලා ලෝකය ඉස්සරහා වැරදි චිත්‍රයක් මවනවා” කියලා පිරිසක් ඇයට ඇඟිල්ල දික් කරද්දී තවත් පිරිසක් කියන්නේ “තමන් කවුද සහ තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව මොකක්ද කියලා තීරණය කරන්න ඕනෑම කෙනෙකුට පෞද්ගලික අයිතියක් තියෙනවා” කියලයි. මොනවා වුණත් ඉතිං සැප්තැම්බර් 18 වෙනිදා නිකුත් වුණු ඇගේ අලුත්ම චිත්‍රපටයත් best of the best එක්කම තමයි මේ අනන්‍යතා ප්‍රශ්නය ගැන තියෙන කතාවට කාඟේත් අවධානය යොමු වෙලා තියෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: