2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 5:30
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රේක්ෂකයන්ගෙ නොමද ආදරය දිනාගෙන ඉන්න ආදරණීය ගායන ශිල්පියෙක් තමයි මනේජ් සංජය කියන්නේ.
මනේජ් ගැන කතා කරද්දී නොපසුබට උත්සාහයෙන් සහ ඔහුගේ හැකියාවෙන් තමයි අද ඔහු යම් තැනක ඉන්නවා නම් ඉන්නේ.
හිරුස්ටාර් වේදිකාව හරහා බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ගායකයෙක් බවට පත්වුණු ඔහු අද වෙද්දි ආදරණීය තාත්තා කෙනෙක්.
ඒ වගේම මනේජ් හරිම ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා. මනේජ් පුංචි කාලෙ ඉඳන්ම සිංදු කියන්න හරි ආසයි.
”මගේ ගීත ඕනෑම කෙනෙක්ට කියන්න පුලුවන් කියලා මම මීට කාලෙකට කලින් ඉඳන්ම කිව්වා.
ඒ වගෙම මම කිසිම සංගමයක නැති ස්වාධීන කලාකරුවෙක්.
ඒක ඉස්සරහටත් එහෙමම තමයි.
මොකද මම මුලින්ම ගායකයෙක් විදියට ඉස්සරහට එන්නේ Hirustar වේදිකාවෙදි ගයපු ,රුක්මන් අයියගේ උදේ හවා දකිනවා ගීතයෙන්.
එදා ඒ ගීතය ගැයුවට පස්සේ රුක්මන් අයියා හරි නිහතමානීව මගේ ගීත නිර්මාණ ටික හදාගන්නකල් එයාගේ ගීතය ගයන්න මට දුන්නා.
ඒ නිසාම මුලින් අනුන්ගේ ගීත ගයලා කාළය හෙමින් අරගෙන අද මේ වෙද්දි මගෙම ගීත නිර්මාණ වේදිකාව උඩ ගයන්නෙක් වෙන්න මට හැකියාව ලැබිලා තියෙනවා.
ඒ වගේම ගීතයක නීතිමය වශයෙන් අයිතිය තියෙන්නේ ගී පද රචකයට සහ සඟීතඥයට.
මෙච්චර ලස්සන නිර්මාණ පිටුපස ඉන්නේ ඔවුන්.
” උදේ හවා ” ගීතය මම ගයද්දි මට තව ඇමතුමක් ආවා.
ඒ තමයි ගීතය රචනා කරපු ශෙහාන් ගලහිටියාව අයියා.
මට ඒ ගමනට ඒ දෙන්නගෙම ආශිර්වාදය ලැබුනා.
ඒ නිහතමානී ගුණ නිසා , බිහිවන කළාකරුවෙකුට හයියක් ලැබුනා.
ඉතින්
මම ලියපු , මම පද රචනය කරපු , මම සංගීතවත් කරපු නිර්මාණ කිසිවක් ඕනෑම තැනක ගයන්න , භාවිතා කරන්නට ඔබට මගෙන් අවසර ගන්න ඕන නෑ.
ඒවා අයිති ඔයාලට
නමුත්
මම ගායනයෙන් විතරක් දායක උන නිර්මාණ භාවිතයෙදි
ඒ නිර්මාණ උපදවපු කලාකරුවන්ට නිසි ගෞරවය දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා”
2026 සැප්‍තැම්‍බර් 24, ප.ව. 6:08
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 11:02
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:09
2026 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:07
2026 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26