2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:06
අධිකරණ පද්ධතිය තුළ මේ වන විට ගොඩගැසී ඇති ලක්ෂ 11කට අධික නඩු සංඛ්‍යාව කඩිනමින් විසඳා ජනතාවට යුක්තිය පසිඳලීම සඳහා විශ්‍රාම වයස් සීමාවන් සංශෝධනය කරමින් ප්රවීණයන්ගේ සේවය රටට ලබාගත යුතු බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය ප්‍රකාශ කළාය.
වත්මන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 73 ඉක්මවා ගොස් ඇති බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරිය, මිනිසුන් ශාරීරිකව මෙන්ම මානසිකව ද යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන අවධියක ඔවුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් ද වෙනස් විය යුතු බව පෙන්වා දුන්නාය.
විශ්‍රාම වයස දීර්ඝ කිරීම තුළින් ඔවුන් සතු පරිණත අත්දැකීම් රට වෙනුවෙන් උපරිමයෙන් ලබාගැනීමට හැකියාව ලැබෙන බවත්, මෙවැනි වටිනා මානව සම්පතක් නොමේරූ ලෙස පද්ධතියෙන් ඉවත් කර දැමීම නොකළ යුත්තක් බවත් ඇය අවධාරණය කළාය.
එමෙන්ම අධිකරණ ක්‍රියාවලියේදී නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වී පැවති රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ වේගය මේ වන විට තුන් ගුණයකින් වැඩි කර ඇති බව ද ඇය සඳහන් කළාය.
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල භෞතික මෙන්ම මානව සම්පත් සංවර්ධනයට රජය මේ වන විටත් පියවර ගෙන ඇති බවත්, නව අධිකරණ පිහිටුවීමට මෙන්ම සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීමට ද අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:37
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:14
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:13
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26