2026 සැප්තැම්බර් 28, පෙ.ව. 12:08
තාත්තාගේ ජාන දරුවන්ට පිහිටනවා කියන එක බොරුවක් නෙවෙයි කියන්න හොඳම සාක්ෂියක් තමයි යොහානි. හැමෝම දන්නවානේ 2009 දී අපේ රට වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරපු මේජර් ජෙනරාල් ප්රසන්න ද සිල්වාගේ දුව තමයි යොහානි කියන්නේ. යොහානි ගැන කතා වෙන්න මේකට හේතුව තමයි ඉන්දියාවේ සංවිධානය කෙරෙන දැවැන්තම එළිමහන් සංගීත ප්රසංගය වන “Ziro Festival of Music” සංගීත ප්රසංගයේ රටවල් 40ක සහභාගී වූ ශිල්පීන් අතරින් ප්රධාන “Moon Stage” එකේ අවසාන සංදර්ශනය ඉදිරිපත් කිරීමේ ඓතිහාසික අවස්ථාව හිමිවුණේ යොහානිට.
ඉතිං මේකේදි යොහානි ඒ වේදිකාව මත ශ්රී ලංකා ජාතික කොඩිය ප්රදර්ශනය කරා සහ යොහානි ඇගේ ෆේස්බුක් ගිණුමේ “Our flag. Our language. Our music.” කියලා යොදපු සටහන විරෝධය දැක්වූ පිරිස් තවදුරටත් කුපිත කරන්න ප්රධාන හේතුවක් වුණා.
ඉතිං ඔන්න ඔය සිද්ධියත් එක්ක ඇගේ පෝස්ට්ටුවේ ජරමරයත් එක්කම පොඩ්ඩක් කට්ටිය මේ ගැන කතා කළා. ඔය ගැන එක එක පේජ් කතාබහ කරමින් පෝස්ට් පළ කරලත් තිබුණා.dusha පේජ් ඇතුළු ෆේස්බුක් පේජ් කිහිපයක්ම තොරතුරු සටහන් කර තිබුණා.
මෙහෙමයි ඇය ලෝකයේ මොන රටේ සින්දු කිව්වත් මොන වේදිකාවට නැග්ගත් ශ්රී ලංකා කොඩියයි අපේ රටේ තියෙන ඒ ගැම්ම උඩින්ම තියාගෙනයි යන්නේ. කෙල්ලගේ ඇඟපත පුංචි වුණාට තාත්තා වගේම කිසිම දේකට බය නැති කෙළින් හිතක් තියෙනවා කියන්න ඕනිම කෙනෙක්ට පේනවා. මෙහෙම කියන්න හේතුවක් තියෙනවා. තාත්තා රට වෙනුවෙන් කරපු දේ නිසා එදා ඉඳන්ම බෙදුම්වාදී අදහස් තියෙන පිරිස්වලට තාත්තා එක්ක ලොකු තරහක් තිබ්බා. ඒ තරහම එයාලා යොහානි පිටිනුත් යවන්න හැදුවා. විදෙස් රටවලදී යොහානිට කිහිප වතාවක්ම විරෝධතා එල්ල වුණත් මේ කෙල්ල කොහෙවත් පස්සට ගියේ නෑ බය වුණෙත් නෑ. අද මේ ගැන කතා කරන්න ප්රධානම හේතුව වුණේ. යොහානි දාපු ඒ පෝස්ට් එකටත් ඇතැම් පිරිස් එකතු වෙලා එක එක විදියේ බෙදුම්වාදී කමෙන්ට් දාන්න පටන් අරන් තියෙන එක.
ඇත්තම කතාව නම් මේක හැමෝටම අයිති එකම රටක්. අපි කවදාවත් ජාතිවාද!යව ත් ආගම්වා!දයව ත් අවුස්සන්න ගියේ නෑ. අපේ හිත්වල එහෙම දෙයක් නෑ. අන්න ඒ නිසයි අදටත් සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම එකට සමගියෙන් ජීවත් වෙන්නේ. ඒත් එදා ඒ සමගිය නැති කරලා දශක ගණනාවක් තිස්සේ මේ රට අ පායක් කළේ ඔය කියන බෙදුම්වාදී මතවාද විතරයි. අපේ රණවිරුවෝ දහස් ගණනක් තමන්ගේ ජීවිත පවා පූජා කළේ මේ මුළු රටම එක කොඩියක් යටතේ එක්සේසත් කරලා අපිට බයක් නැතුව සමගියෙන් ඉන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න.
ඒ නිසා කවුරු මොනවා කිව්වත් අපේ රටේ අභිමානය ලෝකය ඉස්සරහට අරන් යන යොහානි වගේ කෙල්ලෝ ගැන අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක්…
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 12:29
2026 සැප්තැම්බර් 27, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:34
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:10
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26