hit counter

2026 සැප්‍තැම්‍බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 9:49



ප්‍රභූ නිර්ප්‍රභූ යනුවෙන් සමාජයේ තව දුරටත් බෙදීමක් නොමැති බවත් ප්‍රභූ යැයි කී සියලු දෙනා අති සරල සුන්දර මිනිසුන් බවත් රංගන ශිල්පී කලණ ගුණසේකර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය අලුත් විවාහයත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ මතුව ඇති සාකච්ඡාවට ප්‍රතිචාර දක්වමිණි.

“සෞම්‍යා ආන්ටි රුචී වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙන අම්මා කෙනෙක්. එයා වෙනුවෙන්ම ඉන්නවා. එයාගේ තාත්තා අපි එක්ක බොහොම සුහදව කතා කරන්නේ. මේ ප්‍රශ්නවලටත් බොහොම සුහද විදිහට මුහුණ දෙන අති සරල මිනිස්සු.

මම මේ කල්පනා කරන්නේ ඇයි මේ අති භයානක දරුණු තත්ත්වයක් ගොඩනගන්නේ කියලා. රුචීගේ මාමා ධම්මික ආටිගල ඉතාම සුහද සිනාවක් තියෙන බොහොම හොඳට කතා කරන මිනිස්සු.

දේශපාලනයේ නිර්ප්‍රභූ – ප්‍රභූ ඒවා දැන් ඉවරයි. සමාජය දැන් මොඩර්න් වෙලා ඉවරයි. ඒක ඔළුවේ තියාගන්න එපා. දැන් දේශපාලනයත් වෙනස්. සංස්කෘතියත් වෙනස්. මේක ඊට එහා ගිය එකක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: