hit counter

2026 ඔක්‍තෝබර් මස 02 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:29



නාගරික සංවර්ධන ඉදිකිරිම් හා නිවාස අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගි වාහන 39ක්  ආර්ථිකමය වශයෙන් පලදායි නොවන ආයතනයේ භාවිතය සදහා අවශ්‍ය නොවන සුඛෝපභෝගි වාහන ලෙස හදුනාගෙන තිබුණද එම වහාන වලින් 23ක් එනම් සියයට 59ක් විශාල වියදමක් දරා  අමාත්‍යංශය විසින් තචදුරටත් භාවිතා කරණ බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2024 වර්ෂයේ දෙසැම්බර් මස 18 දින නිකුත්කරණු ලැබු  වත්කම් කළමණාකරණ චක්‍ර ලේඛය අනුව  අමාත්‍යංශයේ ලේකම් විසින්  සුඛෝපභෝගි වාහන අපහරණය සදහා  හදුනා ගැනිමේ මණ්ඩලයක් පත්කොට තිබුණි.

එම මණ්ඩලය විසින් අමාත්‍යංශයට අයත් වාහන 39ක්  ආර්ථිකමය වශයෙන් පලදායි නොවන ආයතනයේ භාවිතය සදහා අවශ්‍ය නොවන  සුඛෝපභෝගි වාහන ලෙස  හදුනාගෙන තිබුණි.

හදුනාගනු ලැබු සුඛෝපභෝගි වාහන 23ක් තවදුරටත්  අමාත්‍යංශය විසින් පරිහරණය කිරිම නිසා  එම චක්‍ර ලේඛය නිකුත් කිරිමෙන් බලාපොරොත්තු වු අරමුණු  ඉටුකරගැනිමට නොහැකිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම අමාත්‍යංශය විසින් තිරුබදු රහිතව හෝ වෙනත් විශේෂ කොන්දෙසි යටතේ ආනයනය කරණු ලැබු වාහන 13ක්  කොන්දෙසි නිසිපරිදි අවලංගුකර ගැනිමකින් තොරව  අපහරණ ක්‍රියාවලියට යොමු කිරිම නිසා  අමාත්‍යංශයට රුපියල් පනස්පන්ලක්ෂ,දහතුන්දහස් අටසියහැත්තැතුනක  (5,513,873)  පාඩුවක් සිදුවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: