2026 ඔක්තෝබර් 06, ප.ව. 3:43
දිවයින පුරා ප්‍රදේශ කිහිපයක පවතින ඉන්ධන හිඟයට ප්‍රධාන හේතුව පෞද්ගලික ඉන්ධන සමාගම් ලාභ අරමුණු කරගනිමින් ඉන්ධන සැපයීම සීමා කිරීම බව අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ රජය විසින් සහනාධාරයක් ලබා දුන් නමුත්, එම සහනාධාරය ප්‍රමාණවත් නොවන බව පවසමින් අදාළ සමාගම් මෙලෙස සැපයුම් සීමා කිරීමට පියවර ගෙන ඇති බව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම, දිවයින පුරා ප්‍රධාන ස්ථාන 55ක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් නොමැති බව හඳුනාගෙන ඇති අතර, ඊට පිළියමක් ලෙස එම ප්‍රදේශ අවට පිහිටි සංස්ථා පිරවුම්හල් සඳහා මේ වන විට වැඩි වශයෙන් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
පවතින වාතාවරණය හමුවේ ලාභය පමණක් අරමුණු නොකර ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන සැපයීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා සියලුම පෞද්ගලික සමාගම්වලින් වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
“ඒ මිලටම අපි ජනතාවට ලබා දීමට කටයුතු කරන්නේ නෑ. කොටසක් රජය දරාගන්නවා. ඒ අනුව තමයි ගියවර බිලියන 57ක් දුන්නා. මෙවර බිලියන 41ක් දුන්නා රජය විසින් භාණ්ඩාගාරයෙන් දැම්මා තෙල්වලට සහනයක් ලබා දෙන්න. තෙල් සමාගම විසින් කොටසක් දරා ගන්නවා. ගිය සැරෙත් මේ ප්රශ්නය පැන නැගුනා සමහර සමාගම් කිව්වා ඒ මුදලත් ඔවුන්ට මදි කියලා ඇත්තටම ඔවුන්ට ඒකෙන් වෙන්නේ ඔවුන්ගේ ලාභ පංගුව අඩුවෙන එක. එතකොට ඔවුන් වෙළෙඳපොලට නිකුත් කරන තෙල් ප්‍රමාණය අඩු කරනවා. දැනට ගත්තොත් ඔටෝ ඩීසල් 2025 ජනවාරි මාසේදි නිකුත් කරනේ 55%යි දැන් වෙනකොට මාර්කට් ශෙයාර් එක 76%ක තෙල් සංස්ථාවේ වැඩි වෙලා තියෙන්නේ. මීට සමගාමීව ඉන්දියන් ඔයිල් සමාගමේ 2025 ජනවාරිවල 21%ක් තිබුණු මාර්කට් ශෙයාර් එක මේ වෙනකොට 12% දක්වා අඩු වෙලා තියෙනවා. පෙට්‍රල් වලත් මේක තමයි තත්ත්වය. තෙල් සංස්ථාව තෙල් සැපයීම අඛණ්ඩව කරගෙන යනවා හැබැයි රටේ ප්‍රධාන ස්ථාන 55ක් තියෙනවා. තෙල් සංස්ථාවේ පිරවුම්හල් නොමැති. අපි දැන් ඒ අවට තිබෙන පිරවුම්හල්වලට වැඩිපුර තෙල් ලබා දෙමින් ඉන්නවා. අපි තෙල් සමාගම්වලටත් කියන්නේ ඔබ මේ වෙලාවේ ලාභය ගැන හිතන්නේ නැතිව ජනතාව වෙනුවෙන් තෙල් සපයන්න. ලෝකයේම පවතින ත්ත්වයකදි ඊට මුහුණ දෙන ආකාරයට අපි කටයුතු කරගෙන යනවා.”
2026 ඔක්තෝබර් 06, ප.ව. 4:09
2026 ඔක්තෝබර් 06, ප.ව. 2:46
2026 ඔක්තෝබර් 06, ප.ව. 2:04
2026 ඔක්තෝබර් 06, ප.ව. 12:31
2026 ඔක්තෝබර් 06, ප.ව. 12:12
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26
04-10-26