hit counter

2026 ඔක්‍තෝබර් මස 12 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 12, ප.ව. 1:59



අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකර තෝරාගත් සමාගම් 03ක් සඳහා පමණක් පොස්පේට් අපනයනය කිරීමට කටයුතු සැලසීම සහ එම සමාගම් වෙත පොස්පේට් අපනයනයට අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට සහාය ලබාදීම වෙනුවෙන් එම සමාගම්වලින් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

සිදුකෙරන එම විමර්ශනයට අදාළව ඒ මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී ඒ මහතාගෙන් පැය 3කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

චාමර සම්පත් මහතා ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුමතිපාල ලියනාරච්චි නමැත්තා ද මෙම විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර සිටි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: