hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:17



කලා ලෝකයේ ආදරණීය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගෙන සිටින ඕෂධී හේවාමද්දුම, නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් හා මතවාද ප්‍රේක්ෂකයන් සමඟ බෙදාගන්නා කලා ශිල්පිනියක්.

ඇයගේ මුහුණු පොතට එක්වන විවිධ සටහන් අතරේ, මෙවර ඇය තැබූ දේශපාලනික හා ජාතිකත්වය සම්බන්ධ අදහස් ඇතුළත් සටහනක් කාගේත් අවධානයට ලක්ව තිබෙනවා.

ඇය තැබූ සටහන

“මම මහින්දවාදියෙක්.. හැබැයි රාජපක්ෂවාදියෙක් නෙවෙයි.. මම හොද සිංහල බෞද්ධයෙක්.. කල්ලතෝනියෙක් නෙවෙයි.. මොකද මම තිස් වසරක යුද්ධෙ තිබුණ කාලෙ ඉපදිලා, කොළඹ බෝම්බ මැදින් පාසැල් ගිහින්, උතුරෙ යුද්ධෙ ඇස් දෙකටම දැක්ක ගෑණියෙක්.. යුද්ධෙ කාලෙ, මේ රටේ සංඝයා වහන්සේලා, රණවිරුවො රට වෙනුවෙන් කරපු දේවල් දැක්ක ගෑණියෙක්.. කළ ගුණ නොදන්න සමහරු වගේ මැරිලා ඉපදිලා… කෝමා වෙලා වගේ තතා කරන්න මට බැහැ.. ඒ නිසාම මේ රටට, ජාතියට, ආගමට විරුද්ධව වැඩ කරන ඕනිම කෙනෙක්ට එරෙහිව මම කතා කරනවා.. හැබැයි ලැජ්ජ හිතෙනවා, ගෑණියෙක් හැටියට මට තියෙන කොන්ද මේකෙ සමහර පිරිමින්ට නැති එක ගැන.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: