2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:01
සිරගත වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම උදෙසා පැවැත්වූ නිදහසේ පාද යාත්රාව පිටුපස සිටියේ විමල් විරවංශ, උදය ප්රභාත් ගම්මන්පිල, සරත් වීරසේකර, අනුරාධා යහම්පත් සහ ප්රසන්න රණවීර ඇතුළු පරාජිත දේශපාලන කණ්ඩායම බව සමාජ-දේශපාලන විශ්ලේෂක, ලේඛක සහ කලා විචාරක විදර්ශන කන්නන්ගර මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ ජනතාව සබුද්ධික නිසා මෙවැනි කූට උපායන්ට තවදුරටත් නොරැවටෙන බවයි.
රට විනාශ මුඛයට ඇද දැමූ රාජපක්ෂ පවුල් සමාගමට එරෙහිව නෛතික ක්රියාමාර්ග දැඩි වන විට මෙවැනි සිදුවීම් රට තුළ සිදුවීම අරුමයක් නොවන බව ඒ මහතා කියා සිටියා.
මෙවැනි කූට උපක්රම එම පරාජිත දේශපාලකයින් විසින් සැලසුම් කරනු ලබන අවසාන තුරුම්පුවක් බව විදර්ශන කන්නන්ගර මහතා පවසා සිටියා.
ඔහු ප්රකාශ කළේ නැවත වරක් රටෙහි පාලනය රාජපක්ෂවරුන් අතට නොයා යුතු බවයි.
එසේ ගියහොත් නැවතත් රට තුළ ජාතිවාදයක් ගොඩනැගෙන බව ඒ මහතා සඳහන් කළා.
විදර්ශන කන්නන්ගර මහතා කියා සිටියේ විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, නීතිඥ සංගමය සහ වෛද්යවරුන්ගේ සංගම් යනාදිය මෙහෙයවන්නේ සජිත් ප්රේමදාස සහ රාජපක්ෂවරුන් විසින් බවයි.
22 වන සංශෝධනයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් සිදුකළ නීතිඥ සංගමය ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නිහඬව සිටිමින් මුණිවත රකින්නේ ඇයිදැයි යනුවෙන් තමන් අසන බව ඔහු පවසා සිටියා.
ඒ මහතා ප්රකාශ කළේ සජිත් ප්රේමදාස යනු විකටයෙකු බවයි.
මෙරටේ වාසය කරන දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව, කඳුරට ජනතාව නැවත වරක් සජිත් ප්රේමදාස වැනි පරාජිතයින්ව බලයට ගෙන ඒමට කටයුතු කරන්නේ නම් මහනුවර දිගන ප්රදේශයේ ඇතිවූ ජාතිවාදී අරගල නැවත වරක් මතකයට නගාගැනීමට කටයුතු කරන ලෙස විදර්ශන කන්නන්ගර මහතා අවධාරණය කළා.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ සියලු සිදුවීම් පිටුපස හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහද සිටින බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙලෙස පැවසුවා.
“ මොකද අපි දැක්කා අන්තිමට විමල් වීරවංශලා, ගම්මන්පිලලා ඊට පස්සේ සරත් වීරසේකරලා, අනුරාධා යහම්පත්ලා ඊට පස්සේ ගම්පහ මිරිස් කුඩුලා මේගොල්ලෝ තමයි මේකේ පිටිපස්සේ හිටියේ. ඒ කියන්නේ රාජපක්ෂලා හිටියේ. මම හිතන්නේ ජනතාව දැන් මෝඩයෝ නෙවෙයිනේ. දැන් මේ රාජපක්ෂ පවුල් සමාගම ඇතුළු මේ රට මංකොල්ල කාපු ජාතික ධනය පොදු දේපළ විනාශ කරපු අයට විරුද්ධව නෛතික ක්රියාවලිය වෙනකොට ඒ කියන්නේ දේශපාලන පළිගැනීම් නෙමේ නෛතික ක්රියාවලිය සිද්ධ වෙනකොට.
දැන් ඔය අවසාන තුරුම්පුව තමා ඔය ගහන්නේ. මේ ආපහු ගිහිල්ලා රාජපක්ෂවාදයට හරි, ආපහු කරපු ඒ ජාතිවාදය අවුස්සපු ඒ යුගයට යන්න බෑ රටට. ඒ එක්කම අවසාන වශයෙන් අපිට පැහැදිලිව පේනවා මේ වෙලාවේ තවත් නළුවෝ ටිකක් ඉන්නවා නිහඬ වෙලා ඒ තමයි විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියලා ඔය අටවගෙන තියෙන කල්ලිය, නීතිඥ සංගමය ඊට පස්සේ වෛද්යවරුන්ගේ ඒ සංගම් මේ ඔක්කොම පැහැදිලිවම මේ ඇතිවෙච්ච දේශපාලන වෙනසට එරෙහිව. සජිත් ප්රේමදාස සහ රාජපක්ෂ පවුලෙන් මෙහෙයවන අය.
අපිට පේනවා නීතිඥ සංගමය. දැන් ඥානසාර හාමුදුරුවෝ අධිකරණයට අපහාස කරලා නීතියට එරෙහි භාවිතයට අද නීතිඥ සංගමය කටවහගෙන ඉන්නව. ලැජ්ජ වෙන්න ඕනි. 22 වන සංශෝධනය එනකොට එළියට බැහැලා මෙතන ඩෙඟා නැටුවා වීරයෝ වගේ. අද නැට්ට පස්ස පැත්තේ ගහගෙන ඉන්නවා ඥානසාරලා ආරක්ෂා කරන්න. දැන් ඉන්නේ ඥානසාරලගේ පැත්තේ ඒගොල්ලෝ. මොකද ආණ්ඩුවට ගහන්න හරි මේ ඇතිවෙච්ච දේශපාලන වෙනසට ගහන්න පුළුවන් නම් ඕන විදිහකට ගහන්න සූදානම්.
ඒ එක්කම තමයි විපක්ෂ නායකවරයා. සජිත් ප්රේමදාස කියන්නේ ජෝකර්. මේ විපක්ෂ නායකවරයා අද දැන් ආපහු ජාතිවාදය අවුස්සනවා. මේ රටේ දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව, කඳුරට ජනතාවට මේ සජිත් ප්රේමදාසලා නම් තෝරගන්න තියෙන්නේ අපි කියනවා අර දිගන මතක් කරගන්න කියලා. මේ යහපාලන කාලේ කියලා ආපු ඒ කාලේ තමයි එක විදිහට ඊට කලින් රාජපක්ෂලගේ පාලනය මුස්ලිම් ජනතාවට විරුද්ධව ප්රචණ්ඩත්වය වැපුරුවා. ඊට පස්සේ යහපාලන පැත්තේ රනිල් වික්රමසිංහලා පිටිපස්සේ හිටියේ. මේක පිටිපස්සේ ඉන්න එක ඒජන්තයෙක් තමයි රනිල් වික්රමසිංහ . බලනවා ගේමක් ගහන්න පුළුවන්ද කියලා. වෙස්මුහුණු හෙළිදරව් වෙමින් තියෙනවා දැන්.”
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:33
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:12
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26
17-10-26
17-10-26
17-10-26
17-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26