2026 ඔක්තෝබර් 29, පෙ.ව. 11:33
අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල සිදුකළ ප්රකාශ මඟින් ආගමික නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
හිටපු ජාතික පාපැදි පුහුණුකරුවකු සහ විනිසුරුවකු වන, ජපුර හඬ සංවිධානයේ සාමාජිකයකු හා ජාතික විද්වත් සංවිධානයේ අනුරාධපුර දිස්ත්රික් ක්රියාකරුවකු වන උපාලි රත්නායක සහ රජරට විශ්වවිද්යාල හඬ සංවිධානයේ ක්රියාකාරී සාමාජිකයකු වන විශ්රාමික ගණකාධිකාරී දීපාල් තිලකරත්න විසින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත.
2026 ඔක්තෝබර් (26) වැනිදා පැවැත්වූ මාධ්ය හමුවකදී උදය ගම්මන්පිල අනුරාධපුර පූජාභූමි සංරක්ෂණ ව්යාපෘතිය සම්බන්ධයෙන් අසත්ය හා පදනම් විරහිත ප්රකාශ සිදුකර ඇති බව එම පැමිණිලිකරුවන් පෙන්වා දෙයි.
භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් සම්බන්ධයෙන් මහජන විරෝධතා පවතින පසුබිමක, එවැනි ප්රකාශ මඟින් බෞද්ධ ජනතාව කුපිත කර සමාජය තුළ ආගමික නොසන්සුන්තාවක් සහ සාමය කඩවීමක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට ඔවුහු චෝදනා කරයි.
එනිසා අදාළ ප්රකාශ සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී විමර්ශනයක් පවත්වා නීතිය ක්රියාත්මක කරන ලෙස පැමිණිලිකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 11:22
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:18
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26