2026 නොවැම්බර් 02, පෙ.ව. 12:31
වත්මන් ආණ්ඩුවේ ක්රියාකලාපයට විරුද්ධව රට තුළ ගොඩනැගෙන මහජන බලවේගය ඒකරාශී කර ගැනීමේ ව්යායාමයක සමගි ජන බලවේගය මේ අවස්ථාවේදී නිරත විය යුතු බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා.
ඔහු ප්රකාශ කළේ මේ අවස්ථාව වන විට ආණ්ඩුව විශාල මහජන විරෝධී ක්රියාදාමයන් රට තුළ ඇති කරමින් සිටින බවයි.
ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් අලුතින් ගෙන ඒමට කටයුතු කරන රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යන පනත් දෙක භාවිතා කර එතුළින් විශාල මහජන මර්දනයක් සිදු කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව ඒ මහතා සඳහන් කළා.
ඒ හේතුවෙන් මෙම අවස්ථාවේදී ප්රමුඛතාව දිය යුත්තේ මෙම මහජන මර්දනය නැවැත්වීමට හැකි දේශපාලන බලවේගයක් රට තුළ ගොඩනැගීමේ පරමාර්ථයට බව තිස්ස අත්තනායක කියා සිටියා.
ඔහු ප්රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය තුළ මෙන්ම සමගි ජන බලවේගය තුළ යම් යම් අභ්යන්තර ගැටුම් හා මතභේද පැවතියත් 2029 ජනාධිපතිවරණයේදී එකම දේශපාලන වේදිකාවකට ප්රවේශ වීමට පක්ෂ දෙකම සූදානම් බවයි.
විවිධ පුද්ගලයින් විසින් යම් යම් දූසමාන මතයන් රට තුළ ව්යාප්ත කිරීමට උත්සහ කළත් ඒවා සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන බව බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක,
“ මේ වත්මන් ආණ්ඩුවට විරුද්ධව, වත්මන් ආණ්ඩුවේ මේ ක්රියාකලාපයට විරුද්ධව නැගෙන මහජන බලවේගය ඒකරාශී කරගැනීමේ ව්යායාමයක තමයි අපි යෙදෙන්න ඕනි. ඒ කිව්වේ අද වත්මන් ආණ්ඩුව NPP ආණ්ඩුව විශාල ලෙස මහජන විරෝධී ක්රියාදාමයන් ආරම්භ කරලා තිබෙනවා. බලන්න දැන් අලුතින් ගේන අණ පනත් දෙක. විශේෂයෙන්ම දැන් ඔය ගේන්න හදන රාජ්ය ත්රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත ඒත් එක්කම අනිත් පැත්තෙන් ගත්තොත් ඔය සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත.
මේ ඇතුලේ විශාල මහජන මර්දනයක් තිබෙනවා. ඒ නිසා අපිට ඔය පිටින් කතා කරන දේවල්වලට වඩා වැදගත්කමක් තියෙන්නේ මේ මහජන මර්දනය නවත්වන්න පුළුවන් දේශපාලන බලවේගයක් ගොඩනැගීම. එක්සත් ජාතික පක්ෂයේ ක්රියාකලාපය එක්සත් ජාතික පක්ෂය කරයි. හැබැයි සමගි ජනබලවේගයේ අපිත් සංවිධාන වශයෙන් ඒ වැඩකටයුතු ටික කරගෙන යනවා. ඉතින් අනාගතයේදී මේ ගැන තීරණයකට එළඹේවි.
ඉතින් අපි කලබල විය යුතු නැහැ. තව ඒකට හුඟක් කල් තිබෙනවා. වසර දෙකකට වැඩි කාලයක්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අභ්යන්තරව යම් යම් මතවාද, මතභේද කුමක් තිබුණත් අවසානයේදී මට 100%ක් කියන්න පුළුවන් අවසානයේදී එකම දේශපාලන වේදිකාවකට, මතයකට අපි 2029 ජනාධිපතිවරණය වෙනුවෙන් ප්රවේශ වෙන්න සූදානම්. ඒකට යම් යම් කතා දැන් හැදුනට අපි ඒවා එච්චර ලොකුවට ගණන් ගන්නේ නැහැ.”
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:34
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:28
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:20
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:17
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
01-11-26
01-11-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
31-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26