2026 නොවැම්‍බර් 03, පෙ.ව. 10:20
බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බන්ධනාගාරය මගින් ලබන (16) වෙනි දින අධි චෝදනා භාර ගැනීම සඳහා මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට එරෙහිව පැවති වීරෝධතාවේදී අත්අඩංගුවට ගත් 41ක් දෙනෙකුට විරුද්ධව පවරා ඇති නඩුව හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ (02) දින කැඳවයි.
අනතුරුව හම්බන්තොට මහාධිකරණය වෙත යොමු කර නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 41ක් දෙනාට අධි චෝදනා ලබාදීම ලබන (16) වැනිදා සිදු කරන ලෙසට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, හිටපු මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, ප්‍රසන්න රණවීර, පළාත් සභා හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න යන විත්තිකරුවන් 35 දෙනෙකු අධිකරණයේ පෙනී සිටියේය.
වසර 10කට ආසන්න කාලයක් හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මෙම නඩුව හම්බන්තොට දිසා මහෙස්ත්‍රත් අධිකරණයෙන් අවසන් කර මහාධිකරණය වෙත යොමු කිරීමට පියවර ගත් බව හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී සදහන් කළේය.
2026 නොවැම්‍බර් 03, ප.ව. 12:29
2026 නොවැම්‍බර් 03, පෙ.ව. 11:38
2026 නොවැම්‍බර් 03, පෙ.ව. 11:09
2026 නොවැම්‍බර් 03, පෙ.ව. 11:03
2026 නොවැම්‍බර් 03, පෙ.ව. 10:53
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
01-11-26
01-11-26
31-10-26
31-10-26
31-10-26
31-10-26