2026 නොවැම්බර් 09, පෙ.ව. 12:15
ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ මේ වසරේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය අනුව ජනාධිපතිවරයාගේ එකම ආදායම් මාර්ගය ජනාධිපති වැටුප පමණක් වෙයි. ඉන් ලැබෙන වාර්ෂික ආදායම සියලු දීමනා සමග රුපියල් තිස් ලක්ෂ අසූ එක්දහස් හයසිය විසි හතරකි.
ජනාධිපතිවරයාගේ බිරිඳ හෝ පුත්‍රයා මෙම කාලසීමාවට අදාළව කිසිදු ආදායමක් උපයා නොමැති බවට එම ප්‍රකාශයේ සඳහන් වෙයි. මෙම ප්‍රකාශය ලබා දෙන අවස්ථාව වන විට ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ අත ඇති මුදල රු. 5,000ක් බවත් ඔහුගේ බැංකු ගිණුමේ ඇත්තේ රු. 2,500 ක් බවත් එහි සඳහන්ය.
ජනාධිපතිවරයාගේ බිරිඳගේ බැංකු ගිණුමක රු. 321,888 ක ශේෂයක් ඇති බවත් අත තිබූ මුදල රු. 35,000 ක් ලෙසත් සඳහන් කර තිබේ.
පසුගිය ප්‍රකාශයට අනුව ජනාධිපතිවරයා සතුව තිබූ 2017 වර්ෂයේ මිලට ගත් රු. මිලියන 15ක වටිනාකමකින් යුත් ටොයෝටා හයි ලක්ස් රථය නව වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්ව නොතිබීම විශේෂත්වයකි.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය අනුව 2025දී ඔහු සතුව තිබූ මිලියන 29.6 ක මූල්‍යමය වත්කම් රු. මිලියන 23.5ක් දක්වා අඩු වී තිබේ.
විපක්ෂ නායකවරයා පුද්ගලික ණය 18ක් ලබා ගෙන ඇති අතර, ඒවායින් 17ක් ම ලබා ගෙන තිබෙන්නේ ලක්ෂ්මන් ද ෆොන්සේකා නම් අයෙකුගෙන්ය.
එලෙස ලබා ගෙන ඇති ණය මුදල් ල්වල සම්පූර්ණ එකතුව රු. ලක්ෂ 825 කට වඩා වැඩි අතර, තවත් එක් ණය මුදලක් හර්බට් ජයකොඩි නමැති අයකුගෙන් ලබාගෙන ඇත. ඔහුගෙන් ලබා ගෙන ඇති ණය මුදල රු. ලක්ෂ 84කි.
මේ කාරණා 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනත අනුව, ජනාධිපතිවරයා ඇතුළු වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දිය යුතු පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවගේ දැන ගැනීම සඳහා මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර තිබේ.
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:39
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:37
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:35
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:31
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:25
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26