2026 නොවැම්බර් 19, පෙ.ව. 12:12
“ලෝකයේ තමන්ගේ බිරිඳට අවංකව ඉතුරු වෙලා ඉන්න අන්තිම බිලියනපතියා බිරිද වෙනුවෙන් වඩු වැඩ කළා”
බිලියනපතියෝ සල්ලාලයෝ වෙනකොට ලෝකයේ බලවත්ම කෙනා පළමු ආදරය එක්ක ජිවත් වෙන හේතුව ඇහුවොත් ඔබ පුදුම වෙයි!
තමන් ලෝකයේ බලවත්ම කෙනෙක් වෙලා, තමන්ගේ පළමු ආදරය එක්ක තාම එකට ජීවත් වෙන මාර්ක් සකර්බර්ග්!
ලෝකේ ඉන්න සුපිරිම ධනවතුන් ගැන කතා කරද්දී මේක හරිම සාමාන්‍ය දෙයක් විදියට හැමෝම දකිනවා,
මේ දවස්වල සෝෂල් මීඩියා පුරාම ලොකු කතාබහක් යනවා ලෝකයේ ඉන්න ප්‍රසිද්ධ ටෙක් බිලියනපතියන්ගේ පෞද්ගලික ජීවිත ගැන, ඩිවෝස් වීම්, අනියම් සම්බන්ධතා, සුපිරි මොඩල්ලා එක්ක පැටලෙන කතා… මේ හැමදේම එළියට එද්දී, සෝෂල් මීඩියා පාවිච්චි කරන මිනිස්සු හරි අපූරු නමක් පටබැඳලා තියෙනවා ෆේස්බුක් (Meta) නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මහතාට,
ඒ තමයි “The Last Faithful Billionaire Standing” – ඒ කියන්නේ, “තමන්ගේ බිරිඳට අවංකව ඉතුරු වෙලා ඉන්න අන්තිම බිලියනපතියා” කියන එක තමයි එකෙන් කියවෙන්නේ!
මිනිස්සු මාර්ක් ට එහෙම කියන්න හේතු තියෙනවා,
ලෝකේ ධනවත්ම මිනිස්සුන්ගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්න අයගෙන් කීයෙන් කී දෙනාද තමන්ගේ පළමු විවාහය තාමත් රැකගෙන ඉන්නේ, ගොඩක් අයගේ පවුල් ජිවිත අවුල් වෙලා තියෙනවා,
බිල් ගේට්ස් අවුරුදු 27ක විවාහයකින් පස්සේ ඩිවෝස් වුණා, ජෙෆ් බෙසෝස් තමන්ගේ ව්‍යාපාරය ගොඩනගන්න උදව් කරපු බිරිඳගෙන් වෙන් වෙලා අලුත් ජීවිතයක් පටන් ගත්තා, ඊලොන් මස්ක්ගේ සම්බන්ධතා ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ දන්නවනේ, තවත් සමහර ටෙක් ලොක්කන්ගේ විවිධ අපචාර සහ අනියම් සම්බන්ධතා ගැන මේ දවස්වල ලෝකය පුරාම ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියන තොරතුරු ගොඩක් තියෙනවා,
හැබැයි මේ හැම කුණාටුවක්ම මැද්දේ, ඩොලර් බිලියන සිය ගාණකට උරුමකම් කියන, ලෝකේ බලවත්ම මිනිස්සුන්ගෙන් කෙනෙක් වෙච්ච මාර්ක් සකර්බර්ග් තාමත් ඉන්නේ මීට අවුරුදු 20කටත් කලින් එයාට හම්බවුණු ඒ පරණ පෙම්වතිය, ප්‍රිසිලා චෑන් එක්කමයි එකේ වෙනසක් නැහැ,
මේ දෙන්නාගේ ආදර කතාව පටන් ගන්නේ ෆේස්බුක් කියන නමවත් ලෝකේ කවුරුත් දැනගෙන හිටපු නැති කාලයක, ඒ 2003 අවුරුද්දේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේදී, මේ දෙන්නා මුලින්ම හම්බවෙන්නේ හරිම අමුතු තැනකදී, ඒ විශ්වවිද්‍යාලයේ තිබුණු පාටියක වොෂ්රූම් එකක් ළඟ පෝලිමේ ඉන්නකොට!
ඒ වෙද්දී මාර්ක් කියන්නේ තමන්ගේ පාඩුවේ කොම්පියුටර් එක ඉස්සරහට වෙලා කෝඩ් ලියන, ටිකක් අමුතු විදියේ කොල්ලෙක්. ප්‍රිසිලා කියන්නේ හාවර්ඩ් එකේ වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ආපු බොහොම සරල, චාම් සරල කොල්ලෙක්, පෝලිමේ ඉද්දී පටන් ගත්ත පොඩි කතාබහ, පස්සේ කාලෙක ලෝකේ බලවත්ම ආදර කතාවක් වෙයි කියලා එදා ඒ දෙන්නම හිතන්න නැතුව ඇති,
ඒ දවස්වල මාර්ක් හිටියේ හාවර්ඩ් එකෙන් අයින් වෙලා ෆේස්බුක් එක හදන වැඩේට අතගහන්න ඔන්න මෙන්න කියලා. දවසක් මාර්ක් ප්‍රිසිලාට කතා කරලා කිව්වා, “මම කැම්පස් එකෙන් අයින් වෙන්න යන්නේ, ඔයාට පුළුවන්ද මාත් එක්ක ඩේට් එකකට එන්න?” කියලා. එදා ප්‍රිසිලා ඒකට කැමති වුණේ මාර්ක් ළඟ සල්ලි තිබුණු නිසාවත්, අනාගතයේදී එයා බිලියනපතියෙක් වෙයි කියලා දැනගෙනවත් නෙවෙයි. මාර්ක්ගේ තිබුණු අවංකකමයි, එයාගේ හිතේ තිබුණු හීනයට තිබුණු කැපවීමයි ප්‍රිසිලා දැක්කා,
ෆේස්බුක් එක ටික ටික ලොකු වෙද්දී, මාර්ක් කැලිෆෝනියාවට ගියා. ප්‍රිසිලා තමන්ගේ වෛද්‍ය උපාධිය ඉවර කරන්න නතර වුණා. දෙන්නා හිටියේ දෙපැත්තක. ඒ වගේම මාර්ක්ට ඒ වෙද්දී වැඩ අධික වෙලා තිබුණා. සමහර දවස්වලට දෙන්නට කතා කරන්නවත් වෙලාවක් තිබුණේ තිබිල නැහැ,
හැබැයි ප්‍රිසිලා කවදාවත් මාර්ක්ට කරදරයක් වුණේ නෑ. ඒ වෙනුවට එයා මාර්ක් එක්ක පොඩි ගිවිසුමක් ගැහුවා. “ඔයා කොච්චර කාර්යබහුල වුණත් කමක් නෑ, හැබැයි සතියකට එක දවසක් මාත් එක්ක විනාඩි 100ක් කතා කරන්න ඕනේ. ඒ වගේම සතියකට එක ඩේට් එකකට අපි යන්න ඕනේ, හැබැයි ඒක ඔයාගේ ඔෆිස් එකේදීවත්, ගෙදරදීවත් බෑ” කියලා. මාර්ක් අදටත් ඒ පොරොන්දුව ඒ විදියටම රකිනවා,
2012 අවුරුද්දේ, ෆේස්බුක් සමාගම කොටස් වෙළඳපොළට නිකුත් කරලා දවසකට පස්සේ, මාර්ක් සහ ප්‍රිසිලා විවාහ වුණා. ලෝකේ ධනවත්ම තරුණයෙක් වෙලා හිටියත්, මාර්ක් තමන්ගේ වෙඩින් එක ගත්තේ තමන්ගේ ගෙදර පිටිපස්සේ මිදුලේ, බොහොම සීමිත පිරිසකට විතරක් ආරාධනා කරලා. ආපු අයවත් දැනගෙන හිටියේ නෑ ඒක වෙඩින් එකක් කියලා, හැමෝම හිතුවේ ප්‍රිසිලාගේ උපාධිය සමරන පාටියක් කියලයි,
අද වෙද්දී මේ දෙන්නට ලස්සන දූවරු තුන්දෙනෙක් ඉන්නවා ලස්සන පවුලක් තියෙනවා,
මාර්ක් සකර්බර්ග් ගැන අපි කොච්චර විවේචන කළත්, එයාගේ බිස්නස් ගැන මොනවා කිව්වත්, පවුල් ජීවිතේ ඇතුළේ මාර්ක් කියන්නේ හරිම සාමාන්‍ය, ආදරණීය තාත්තා කෙනෙක් සහ සැමියෙක් එයා,
මේ ළඟදී මාර්ක් එයාගේ ගෙදර මිදුලේ ප්‍රිසිලාගේ ලොකු ප්‍රතිමාවක් (Statue) හදලා තිබ්බා. ඒ ගැන එයා කිව්වේ, “රෝම සම්ප්‍රදායට අනුව තමන්ගේ බිරිඳගේ ප්‍රතිමාවක් හදන එක ආපහු පටන් ගන්න ඕනේ කියලා මට හිතුණා” කියලයි. ඒ විතරක් නෙවෙයි, ප්‍රිසිලාට නිදාගන්න අමාරු වෙද්දී, රෑට වෙලාව බලන්න ෆෝන් එක දිහා බලලා නින්ද කැඩෙන එක නවත්තන්න, මාර්ක් එයාගේ අතින්ම ලී පෙට්ටියක් හදලා තිබුණා. ඒකෙන් පාන්දර 6ත් 7ත් අතර කාලෙදී හරිම මෘදු එළියක් විතරයි පත්තු වෙන්නේ ඉතීම්.
හිතලා බලන්න, ලෝකේ ඕනෙම දෙයක් සල්ලිවලට ගන්න පුළුවන් මිනිහෙක්, තමන්ගේ බිරිඳගේ නින්ද වෙනුවෙන් තමන්ගේ අතින්ම පොඩි ලී පෙට්ටියක් හදනවා කියන්නේ ඒක මොන තරම් ලොකු ආදරයක්ද නේද අහන්නත් සතුටු දේවල්!
අද කාලේ ගොඩක් අය හිතන්නේ සල්ලි වැඩි වෙද්දී, තත්ත්වය ඉහළ යද්දී තමන් එක්ක දුක සැප බෙදාගත්ත කෙනාව අමතක කරලා, වඩා ලස්සන, තරුණ අය පස්සේ යන එක තමයි “ස්ටයිල්” එක කියලා. හැබැයි මාර්ක් සකර්බර්ග් ලෝකෙටම පෙන්නලා දීලා තියෙනවා, ලෝකේ බලවත්ම මිනිහෙක් වුණත්, තමන්ගේ පළමු ආදරයට අවංකව ඉන්න එක තමයි නියම පිරිමිකම ඒ යට හරියනවා උතුරන්න!
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:22
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:12
2026 නොවැම්බර් 16, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 14, පෙ.ව. 12:23
19-11-26
19-11-26
19-11-26
19-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26