hit counter

2026 නොවැම්‍බර් මස 29 වන ඉරිදා

2026 නොවැම්‍බර් 30, පෙ.ව. 12:20



ගුරුවරුන්ගේ ඉල්ලීම් බලන්න වෙන්නේ 2028 දී. එල්ල වන චෝදනා තඹ සතේකටවත් ගණන් ගන්නේ නෑ යයි නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙසේ පැවසීය. 

‘ඇත්තටම ගත්තොත් මේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා අයගෙ අනවබෝධයක් තියෙන්නේ. කවුරුත් තමන්ගෙ මූලික වැටුප ගැන කථා කරන්නේ නෑනෙ. මූලික වැටුප ගැන කියලා කිව්වා නම් ඔව් අපිට මූලික වැටුප මෙච්චරක් ලැබෙනවා. දීමනා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා සාධාරණයි. 

අපි මේ ප්‍රශ්නය අඳුනගෙන තියනවානේ. කලින් පාලකයො ප්‍රශ්නයත් හඳුනාගත්තෙ නෑනෙ. කලින් අය හඳුන උත්තර හොයන්න කටයුතු කළේත් නෑ, අපි හඳුනාගත්තා උත්තර හොයන්නත් කටයුතු කරමින් ඉන්නවා. 

ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා උද්ඝෝෂණ කරන්න පුළුවන් හැබැයි මේ කිසිවක් වෙනස් වෙන්නෙ නෑ කියලා. වැටුප් කොමිසමේ වාර්තාව ලැබුණු පසු 2028දි අපි බලමු. ඒ වෙනතෙක් මේ කිසිවක් වෙනස් වෙන්නෙ නෑ’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: