hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 අගෝස්‍තු 26, පෙ.ව. 11:01



රුසියානු පාබල හමුදාව තවත් විශාල කිරීමට ජනාධිපති ව්ලැදිමිර් පුටින් තීරණය කර තිබෙනවා.

ඊට අදාළ නව පනතකට ඔහු ඊයේ අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ජනාධිපති පුටින් මේ තීරණය ගෙන ඇත්තේ, රට තුළ සේවයේ නිරතව සිටිය යුතු අවම පාබල භටයන් සංඛ්‍යාව 137,000කින් ඉහළ නැංවීමටයි.

ඒ අනුව ඉදිරියේ දී රුසියාවේ සක්‍රීය අවම හමුදා භට සංඛ්‍යාව ලක්ෂ 15ක් වන බව වාර්තා වෙනවා.

රුසියාවේ සම්පූර්ණ හමුදා භටයින් සංඛ්‍යාව මේ අනුව විසිලක්ෂය ඉක්මවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: