2022 සැප්‍තැම්‍බර් 26, ප.ව. 3:50
වවුලන් අතරේ පැතිරෙන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ විය හැකි නව වයිරසයක් ගැන ඇමෙරිකන් විද්‍යාඥයෝ අනතුරු අගවනවා.
කොස්ටා 2 Khosta-2 යන නමින් නම් කර ඇති මෙම වයිරසය, මනුෂ්‍ය සෛලවලට ඉක්මනින් ආසාදනය වන බව සොයා ගෙන තිබේ. වයිරසය සදහා කිසිදු ප්‍රතිකර්මයක් නොමැත.
කොස්ටා 2 වයිරසය සොයාගෙන ඇත්තේ රුසියාවෙන්.
ඒ, 2000 වසරේදී.
කෙසේ නමුත් එදා මෙම වයිරසය මනුෂ්‍යයන්ට තර්ජනයක් වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස නොකළා.
ඇමෙරිකන් විද්‍යාඥයන් කොස්ටා 2 වයිරසය ගැන වැඩි අවදානයක් යොමු කළේ ‘කොවිඩ් 19’ වයිරසයේ ව්‍යාප්තියත් සමගයි.
ඒ අනුව, පසුගිය මාස කීපයේ ඇමෙරිකන් විද්‍යාඥයන් මෙම නව වයිරසය සම්බන්ධයෙන් අධ්‍යයන රැසක් සිදු කර ඇතැයි ද පැවැසෙනවා.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54