hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 26, ප.ව. 3:50



වවුලන් අතරේ පැතිරෙන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ විය හැකි නව වයිරසයක් ගැන ඇමෙරිකන් විද්‍යාඥයෝ අනතුරු අගවනවා.

කොස්ටා 2 Khosta-2 යන නමින් නම් කර ඇති මෙම වයිරසය, මනුෂ්‍ය සෛලවලට ඉක්මනින් ආසාදනය වන බව සොයා ගෙන තිබේ. වයිරසය සදහා කිසිදු ප්‍රතිකර්මයක් නොමැත.

කොස්ටා 2 වයිරසය සොයාගෙන ඇත්තේ රුසියාවෙන්.

ඒ, 2000 වසරේදී.

කෙසේ නමුත් එදා මෙම වයිරසය මනුෂ්‍යයන්ට තර්ජනයක් වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස නොකළා.

ඇමෙරිකන් විද්‍යාඥයන් කොස්ටා 2 වයිරසය ගැන වැඩි අවදානයක් යොමු කළේ ‘කොවිඩ් 19’ වයිරසයේ ව්‍යාප්තියත් සමගයි.

ඒ අනුව, පසුගිය මාස කීපයේ ඇමෙරිකන් විද්‍යාඥයන් මෙම නව වයිරසය සම්බන්ධයෙන් අධ්‍යයන රැසක් සිදු කර ඇතැයි ද පැවැසෙනවා.