hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2022 ඔක්‍තෝබර් 04, පෙ.ව. 10:04



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේ සිවුවන වසරේ තවත් සිසුවකු පෙරේදා (02) සිට අතුරුදන්ව ඇතැයි පේරාදෙණිය පොලිසිය සඳහන් කරයි.

විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටි මෙම සිසුවා පෙරේදා (02) රාත්‍රි 8.00ට පමණ විශ්වවිද්‍යාලයෙන් පිටතට ගොස් තිබෙන බව පරීක්‍ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

පුලස්ති ප්‍රමුදිත් පෙරේරා (25) නමැති මෙම සිසුවා නවාතැනින් පිටව යෑමට පෙර ලිපියක්ද ලියා තබා ඇති අතර මානසික ආතතිය හේතුවෙන් ටික කලකට බැහැරව යන බව එහි සඳහන් බව පැවැසෙනව.

මෙම සිසුවා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිසුවා අතුරුදන්ව ඇති බවට විශ්වවිද්‍යාලය මඟින් ඊයේ (03) පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවුවන වසරේ සිසුවකු මෙයට සති දෙකකට පමණ ඉහතදී මානසික ආතතිය බැව් පවසමින් මහවැලි ගඟට පැන සිය දිවි හානි කර ගත්තා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: