hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 14, පෙ.ව. 5:56



පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය රටේ තෙල් අර්බුදයක් පැවති සමයේ ශ්‍රී ලංකාවට තෙල් ගෙන්වන නියෝජිතවරිය වශයෙන් පෙනී සිටිමින් ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් කෝටි ගණනින් වංචා කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මෙරටට තෙල් ගෙන්වීමේ නියෝජිතවරිය වශයෙන් රජය තමන් පත්කර ඇති බවත්, ඩොලර් අර්බුදය නිසා තෙල් ගෙන්වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි පවසා ඇය ව්‍යාපාරිකයන් රවටා ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

තෙල් ගෙන්වීම සඳහා තමන්ට ඩොලර් ලබා දෙන ලෙසත්, එම ඩොලර්වලින් මෙරටට තෙල් ගෙන්වීමෙන් පසුව ඒවා අලෙවි කර වැඩි ලාබයක් දිය හැකි බවත් පවසා සැකකාරිය ව්‍යාපාරිකයන් රවටා ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකාරියගේ එම ප්‍රකාශ අනුව ව්‍යාපාරිකයන් රැසක් ඇයට ඩොලර් දී ඇති බවත්, එලෙස  ව්‍යාපාරිකයන්ගේ ලබා ගත් ඩොලර් ඇය වංචා කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.

එක් ව්‍යාපාරිකයකු ඇයට රැවටී ඇමෙරිකානු ඩොලර් 60,000 ක්, පවුම් 136 ක් සහ ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් දී ඇති බවත්, තෙල් නැවට මුදල් ගෙවූ පසුව දින දෙකකින් එම මුදල් ලාබ සමග ලබාදෙන බවට පවසා සැකකාරිය තමා රැවටු බවත් එම ව්‍යාපාරිකයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළා.

තෙල් නැවකට ගෙවීමට ඇමෙරිකානු ඩොලර් 40,000ක් අවශ්‍ය බවත්, දින දෙකකින් එම මුදල් ලබාදෙන බවටත් පවසා ඇය එම මුදල් ලබාගත් බව ද ව්‍යාපාරිකයා පැවැසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: