2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 8:08
රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ විදුලි රැහැනක ගැටීමෙන් ජෙට් යානය අනතුරට ලක්ව ඇති බවය.
කෙසේ වෙතත් යුක්‍රේනයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර සිටින්නේ මෙම ජෙට් යානය යුක්‍රේනයේ ප්‍රහාරයක් හමුවේ කඩා වැටී ඇති බවය.
එම යානය අනතුරට ලක්වන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
කෙසේ වෙතත් ජෙට් යානය අනතුරට ලක්වීමට සුළු මොහොතකට පෙර යානයෙන් ඉවතට විසිවන නියමුවා දිවි ගලවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.
මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ එම බිහිසුණු අනතුර අදාළ නියමුවාගේ ආරක්ෂක හිස්වැසුමේ පටිගතව තිබූ ආකාරයයි.
එම වීඩියෝව පහතින්,
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24