hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 25, පෙ.ව. 8:08



රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ විදුලි රැහැනක ගැටීමෙන් ජෙට් යානය අනතුරට ලක්ව ඇති බවය.

කෙසේ වෙතත් යුක්‍රේනයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර සිටින්නේ මෙම ජෙට් යානය යුක්‍රේනයේ ප්‍රහාරයක් හමුවේ කඩා වැටී ඇති බවය.

එම යානය අනතුරට ලක්වන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් ජෙට් යානය අනතුරට ලක්වීමට සුළු මොහොතකට පෙර යානයෙන් ඉවතට විසිවන නියමුවා දිවි ගලවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ එම බිහිසුණු අනතුර අදාළ නියමුවාගේ ආරක්ෂක හිස්වැසුමේ පටිගතව තිබූ ආකාරයයි.

එම වීඩියෝව පහතින්,