hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2023 පෙබරවාරි 01, පෙ.ව. 10:31



ලිංගික අවයවය තියුණූ ආයුධයකින් කැපීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (31) දහවල් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත යවා තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වියළුව තල්දෙන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙක්.

ඔහු පෙරේදා (30) රාත්‍රියේ අධීක ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සිහි විකල්ව සිටිය දී ඔහු සමග එකට මත්පැන් පානය කළ තවත් මිතුරෙකු විසින්ම විහිළුවකට මෙන් මෙලෙස අත තිබූ පිහියකින් ලිංගික අවයවය කපා දමා ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

ලිංගික අවයවය කැපීම නිසා බරපතළ තුවාල සහිතව වැටී සිටි මෙම පුද්ගලයාව ඔහුගේ තවත් මිතුරන් පිරිසක් එක්ව පසුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: