hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 පෙබරවාරි 08, ප.ව. 3:33



රංගන ද සිල්වා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් දන්න කියන දක්ෂ මාධ්‍යවේදියෙක්.

ඔහු මේ වෙනකොට ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වුණ එක ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

රංගන මේ වෙනකොට තමන්ගේම වැඩක් පටන් ගෙන.

ඒ තමන්ගේ නමින් යුටියුබ් නාලිකාවක්.

ඔහු ඒ යූටියුබ් නාලිකාවෙන් මෙවර නත්තල වෙනුවෙන් කලා තරු පිරිවරාගෙන අලුත් වැඩක් කළා.

ඒ වගේම තමයි කලාකරුවන්ට ආරධනා කරමින් වැඩසටහන් කළා.

ඒ අතරේ රංගන තවත් අලුත් වැඩක් පටන් අරන්.

ඒ තනියම නෙවෙයි. ඒ සුදේව හෙට්ටිආරච්චි එක්ක.

ඉතින් සුදේවයි, රංගනයි මේ පාර දේශපාලන වැඩකට තමයි අත ගහලා තියෙන්නේ.

රංගන විසින් තම යූටියුබ් නාළිකාවේ දේශපාලනමය වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා.

ඒ වැඩසටහන මෙහෙයවන්නේ සුදේවයි.

එම වැඩසටහනේ නම තමයි On The Spot with Sudewa.

මෙවර වැඩසටහනට සහභාගී වෙලා තියෙන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: