hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 පෙබරවාරි 20, ප.ව. 4:01



වැඩි කළ විදුලි බිල අඩු කර ජනතාවට සහන සැලසීම සැබෑ ගැටලු වෙනුවෙන් පෙනී සිටීමට විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමක් කිරීම සඳහා අද(20) ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු ආගමික නායකයින් සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පැවැත්වුණා.

එම හමුවෙන් අනතුරුව ඕමල්පේ සෝභිත හිමියන් අදහස් දක්වමින් කියා සිටියේ මහජන උපයෝගිතා කොමිසම බලරහිත කරමින් කටයුතු කළ මේ ආණ්ඩුව ජනතාව පිට විදුලි බිල පටවමින් කොමිස් මුදල් වලට කටයුතු කරමින් සිටින බවයි.

කොමිස් මුදල් වලින් සිදුවන පාඩුව ජනතාවගෙන් පියවා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවට උන්වහන්සේ ප්‍රකශා කළා.

සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරමින් කියා සිටියේ පවතින විදුලි බිල ජනතාවට දරා ගැනීමට හැකියාවක් නෑ මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ නොතකා මේ ආණ්ඩුව ගෙන යන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණයේ නඩුවක් ගොනු කරන බවයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: