2023 මාර්තු 12, පෙ.ව. 6:45
නිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක ඝාතනය කර නිවස අසල වෙල් යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී ඊයේ (11) ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබෙනවා.
මහනුවර අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව විවාහක කාන්තාවක් වන බවත් දරුවන් නොමැති බවත් සැමියා සමඟ නිවසේ තනිව ජීවත්ව ඇති බවත් පොලිසිය කියයි.
පෙරේදා (10) රාත්‍රීයේදී සැමියා ගමේ මළ ගෙදරකට ගොස් ඇති අතර මළ ගෙදර සිට පැමිණ බලද්දී බිරිඳ නිවසේ නොසිටි බව සැමියා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.
ඊයේ (11) අළුයම සිට මෙම කාන්තාව සොයා ප්‍රදේශවාසීන් අවට ප්‍රදේශ පීරා ඇති අතර අළුයම් කාලයේදී ඇයගේ මළ සිරුර නිවසේ සිට මීටර් 100ක් පමණ දුරකින් පිහිටි වෙල් යායේ මඩ ගොහොරුවක ඔබා තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබෙනවා.
ප්‍රදේශවාසින් ප්‍රකාශ කරන්නේ රාත්‍රී 9.30 ට පමණ යටි ගිරියෙන් කෑ ගහන ශබ්දයක් ඇසුන බවත් දොරවල් ඇර බැලූ විට එම ශබ්දය නොඇසී ගිය බවයි.
මෙසේ මිය ගොස් ඇත්තේ අලවතුගොඩ විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුකා මධුවන්ති ජයතිලක නැමැති 25 හැවිරිදි විවාහක කාන්තාවක්.
මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී ඇති අතර අලවතුගොඩ පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනවා.
2026 ජූලි 22, පෙ.ව. 11:49
2026 ජූලි 22, පෙ.ව. 12:20
2026 ජූලි 21, පෙ.ව. 12:12
2026 ජූලි 20, පෙ.ව. 12:11
2026 ජූලි 18, පෙ.ව. 12:15
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
22-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
20-07-26
20-07-26