hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 22, ප.ව. 12:26



හිටපු වෘත්තීය අමෙරිකානු සුපිරි ටෙනිස් තරුව මාටිනා නවරතිලෝවා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේ ඇය මුළුමනින්ම පියයුරු පිළිකාවෙන් සහ උගුර ආශිත පිළිකාවෙන් නිදහස් බවයි.

66 හැවිරිදි නවරතිලෝවා පසුගිය නත්තලේදී කියා සිටියේ ඊලග නත්තල වනතුරු තමන් ජීවත් වීමට තිබෙන ඉඩ අඩු බවයි.

එහෙත් ක්‍රීඩාලෝලීන් සතුටට පත් කරමින් පියර්ස් මෝගන් නිවේදකයා සමග කළ සංවේදී කතා බහේ දී ඇය මේ බව පැවසුවා.

පිළිකාව ජය ගැනීම ඇය හැදින්වූයේ ජීවිතේ දුෂ්කරම දේ වශයෙන්.

පිළිකාවක් ඇති බව දැනගත් පසු ඇය දරුවකු අරන් හදා ගැනීමට තීරණය කර තිබෙනවා.

ලොව විශිෂ්ට ටෙනිස් ක්‍රීඩිකාවන් අතර මාටිනා ඉහළින්ම වැජඹෙන අතර 70 සහ 80 දශකයේ දී කාන්තා ටෙනිස් පිටියේ ආධිපත්‍යය දැරුවේ ඇය විසින්.