2023 මාර්තු 22, ප.ව. 12:26
හිටපු වෘත්තීය අමෙරිකානු සුපිරි ටෙනිස් තරුව මාටිනා නවරතිලෝවා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේ ඇය මුළුමනින්ම පියයුරු පිළිකාවෙන් සහ උගුර ආශිත පිළිකාවෙන් නිදහස් බවයි.
66 හැවිරිදි නවරතිලෝවා පසුගිය නත්තලේදී කියා සිටියේ ඊලග නත්තල වනතුරු තමන් ජීවත් වීමට තිබෙන ඉඩ අඩු බවයි.
එහෙත් ක්‍රීඩාලෝලීන් සතුටට පත් කරමින් පියර්ස් මෝගන් නිවේදකයා සමග කළ සංවේදී කතා බහේ දී ඇය මේ බව පැවසුවා.
පිළිකාව ජය ගැනීම ඇය හැදින්වූයේ ජීවිතේ දුෂ්කරම දේ වශයෙන්.
පිළිකාවක් ඇති බව දැනගත් පසු ඇය දරුවකු අරන් හදා ගැනීමට තීරණය කර තිබෙනවා.
ලොව විශිෂ්ට ටෙනිස් ක්‍රීඩිකාවන් අතර මාටිනා ඉහළින්ම වැජඹෙන අතර 70 සහ 80 දශකයේ දී කාන්තා ටෙනිස් පිටියේ ආධිපත්‍යය දැරුවේ ඇය විසින්.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24