2023 මාර්තු 23, පෙ.ව. 3:27
වයස අවුරුදු 14 ක පමණ දැරියක් මත්පැන් පොවා සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මත පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව අච්චුවේලි පොලීසිය සඳහන් කරනවා.
ඒ අනුව අතවරයට පත් දැරිය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට වෛද්‍ය පරීක්ෂණයකට ලක් කොට ඇති අතර එහිදී අදාළ දැරිය ලිංගික අතවරකට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.
තවද එහිදී ඇය මත්පැන් පානය කොට ඇති බවද හෙළිව තිබෙනවා.
කෙසේ වෙතත් යාපනය අච්චුවේලි ප්‍රදේශයේ දැරියකට බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇය සමූහ දුෂණයට ලක් කළ බවට අච්චුවේ පොලීසියට පසුගියදා පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ ඔස්සේ පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 22 හා 31 පුද්ගලයින් දෙදෙනකු සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කොට ඇති අතර එහිදී ඔවුන් අප්‍රේල් මස 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.
2026 ජනවාරි 23, පෙ.ව. 12:18
2026 ජනවාරි 23, පෙ.ව. 12:08
2026 ජනවාරි 22, පෙ.ව. 9:03
2026 ජනවාරි 22, පෙ.ව. 12:04
2026 ජනවාරි 22, පෙ.ව. 12:01
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
22-01-26
21-01-26
21-01-26