2023 අප්‍රේල් 26, ප.ව. 2:07
රාජාංගනයේ සද්ධාරතන හිමියන් උන්වහන්සේගේ සමුගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් තිබෙනවා.
උන්වහන්සේ මාධ්‍ය වෙත සඳහන් කළේ තමන් හොදින් සිතා මෙම තීරණය ගත් බවයි.
උන්වහන්සේ මෙසේ ද සඳහන් කර සිටියා.
“කල්පනා කරලා කල්පනා කරලා මම මේ තීරණේ ගත්තේ. මම තීරණය කලා මේ ආශ්‍රමයට සමුදෙන්න. රණ්ඩු කර කරා වලි දාගෙන එහෙම ශාසනයේ ඉන්න උවමනාවක් මට ඇත්තෙ නෑ. මං මේක අවංකව කලේ. මේ අත් දෙකෙන් කිසිම හොර වැඩක් ජරා වැඩක් කරලා නෑ. බුදු හාමුදුරුවෝ නාමෙන් ඔළුවේ අත තියා දිව්රලා කියන්නේ සිවුරක් දරාගෙන කිසිම ජරා වැඩක් කරලා නෑ.මෙතනට සුදත්ත මහත්මයාගේ යූටියුබ් එකෙන් ලැබුනු සල්ලී, ජනාධිපති බාප්පා ෆේස්බුක් පේජ් එකෙන් ලැබුනු සල්ලී මගේ හිතවත් නාළිකා වලින් කවුරු හරි රුපියලක් හරි දුන්නනම් ඉතාම අවංකව ඒ මුදල් මම මේ සඳහා යොදවලා තියෙන්නේ.
වංචා කලා කියලා කවුරුහරි ඔප්පු කලෝතින් මම එතනදිම මේ බෙල්ල කපා ගන්නවා. සුදත්ත මහත්තයගේ නම අයින් කරා කියලා පියසිරි මහත්තයගේ හොඳ කිව්වා කියලා තමයි ප්‍රශ්නේ. මගේ පිටිපස්සෙන් නයයි පොළඟයි වගේ පන්න පන්න එනවා. මීට වඩා හොඳයි මගේ ජීවිතේ මෙතනට නාස්ති නොකරා ජීවත් වෙන එක වඩා හොඳයි ගෙදඑර යන එක. තාත්තා විතරයි ඉන්නෙඅම්මා නැති වුණා. සියලු දෙනාටම ස්තූතියි මම සමුදෙන්න තීරණය කලා. මඩ ගහන්නෙපා අවලාද නගන්නෙපා. මට මෙතන රජ සම්පත් තිබ්බත් වැඩක් නෑ හිතට සැනසීමක් නැත්තම්. සිවුර මට වැඩක් නෑ..සියලු දේටම සමුදීලා මම ගෙදර යන්න සූදානම්. මම කුණුහරප කියපු එක ඇත්ත. කුණුහරප කිව්වේ මේ රටේ දුක් විදින අහිංසක මිනිස්සු වෙනුවෙන් මිසක් මම වෙනුවෙන් නෙමෙයි.”
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26