2023 මැයි 03, ප.ව. 9:53
පසුගියදා ගම්පොළ කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණි සත්හැවිරිදි දැරියක් ඖෂධ ඔතා දුන් කඩදාසියේ බෙහෙත් වට්ටෝරුව නිසි ආකාරව සටහන්ව නොතිබීම හේතුවෙන් ඖෂධ අධිමාත්‍රාවක් ශරීර ගත වී ජීවිතක්ෂයට පත්වුණා.
ඒ පිළිබඳ අවධානය යොමු කරමින් සිදුකළ අපූරු කර්තවයක් වාර්තා වෙන්නේ උතුරු මැද පළාතෙන්.
උතුරු මැද පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායක මහතාගේ සංකල්පයක් මත එම ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් අතින සැකසූ ඖෂධ බහාලුම් කවර රෝහල් වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඒ අනුව ක්‍රියාත්මක වුණා.
ඒ අනුව පෙර පාසල් දරුවන් විසින් නිම වූ පළමු ඖෂධ බහාලුම් කවර තොගය ඊයේ (03) එප්පාවල ප්‍රාදේශීය රෝහල වෙත පරිත්‍යාග කෙරුණා.
එහිදී පළමු තොගය ලෙස ඖෂධ බහාලුම් කවර 2,000ක් එප්පාවල රෝහල වෙත පරිත්‍යාග කර තිබුණා.
එප්පාවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමිය වන හේමමාලී දිසානායක මහත්මිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත එම පරිත්‍යාගයන් සිදුකරනු ලැබුවා.









2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26