2023 මැයි 13, පෙ.ව. 2:28
            
ධුර වලින් ඉවත් වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති පළාත් ආණ්ඩුකාරවරුන් සිව් දෙනා ඉල්ලා අස් නොවුණහොත් ඔවුන් ජනාධිපතිවරයාගේ නියෝජිතයන් ලෙස නොසලකන ලෙස රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි පවසනවා.
ඊට අමතරව මෙම ආණ්ඩුකාරවරුන්ගේ වැරදි ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කොට ආණ්ඩුකාරවරුන් චෝදනාවලට වැරදිකරුවන් ලෙස නම් කොට ඉවත් කිරීම, වෙනත් පුද්ගලයින් ආණ්ඩුකාර ධූරයන්ට පත් කිරීම සහ ඉවත්වන්නැයි දැනුම් දෙන ලද ආණ්ඩුකාරවරුන්ට මුදල් ප්‍රතිපාදන නොදීම යන ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙනවා.
ඉවත්වන ලෙස දැනුම් දෙන ලද අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වීමට සූදානමක් නැතැයි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බැවින් ඊට අදාලව ගත යුතු පියවර මෙසේ සාකච්ඡා කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.
නැගෙනහිර, උතුර, සබරගමුව හා වයඹ පළාත් වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබුණා.
ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.
එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බවයි වාර්තා වන්නේ.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
04-11-25
                                            04-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25