2023 මැයි 19, පෙ.ව. 11:02
ගලෙන්බිඳුණුවැව නගරයේ ඉන්ධන පිරවුම්හලින් ඊයේ (18) ඉන්ධන ලබා ගැනීමට පැමිණි කැබ් රථයක දොර ලොක් වීමෙන් කුඩා දරුවකු එම කැබ්රථය තුළ පැයකට ආසන්න කාලයක් සිරවී සිටියදී දරුවා ඉන් එළියට ගැනීමට එහි රැස්ව සිටි පිරිසට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව වාර්තා වෙනවා.
දරුවා පියා සමග ගලෙන්බිඳුණුවැව නගරයේ ඉන්ධන පිරවුම්හල වෙත පැමිණ ඇති අතර සිය පියා විසින් මෙම දරුවා කැබ්රථයේ සිටියදී ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පොම්පය ළඟට ගොස් ඇති අතර එහිදී දරුවාගේ අත වැදීමෙන් කැබ්රථය ලොක් වී ඇති බව වාර්තා වෙනවා.
අනතුරුව එම ස්ථානයේ සිටි ජනතාව විසින් කැබ්රථයේ දොර කැඩීමට උත්සාහ කළත්, පසුව දරුවාගේ පියා වෙනත් කැබ්රථයක ආධාරයෙන් ඔහුගේ නිවසට ගොස් වෙනත් යතුරක් රැගෙන විත් අදාළ කැබ්රථයේ දොර විවෘත කර තිබෙනවා.
එතෙක් පැයකට ආසන්න කාලයක් කැබ් රථයේ දරුවා සිරව සිටියද, සිඟිති දරුවාට කිසිදු අනතුරක් සිදුව නැහැ.
2026 ජනවාරි 27, පෙ.ව. 12:09
2026 ජනවාරි 26, ප.ව. 1:07
2026 ජනවාරි 26, පෙ.ව. 12:24
2026 ජනවාරි 26, පෙ.ව. 12:12
2026 ජනවාරි 25, ප.ව. 9:44
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26