hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 මැයි 25, පෙ.ව. 12:05



කාමර කුලියට දෙන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු සහ ලිංගික සේවනයේ යෙදීමට සිටි කාන්තාවක්ද සහායකයෙකුද අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා.

ගාල්ල පෙට්ටිගල වත්ත හරස්පාරේ පවත්වාගෙන ගොස් ඇති මෙම ගණිකා නිවාසයේ සිටියදී අත්අඩංගුවට ගන්නා ලද 21 හැවිරිදි කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවත් ඇය ගාල්ල ප්‍රදේශයේ රැකියාවක් කරන බව පවසා නිවසින් පැමිණ පිලානේ නිවසක නතරව දිනපතා ගණිකා නිවාසයට පැමිණෙන බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසා සිටියා.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.නිමල් සැරයන් මදනායක (14353) කාන්තා උප පොලිස් පරීක්ෂිකා ශ්‍රියාණි යන මහත්ම මහත්මින් විසින් වැටලීම සිදුකර ඇති අතර සැකකරු සහ සැකකාරිය ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: