hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූනි 18, පෙ.ව. 12:11



ගුරුවරු කියලා කියන්නේ දරුවන්ගේ ජිවිතේ වැදගත්ම පිරිසක්.

පෙර පාසලේ පටන් විශ්ව විද්‍යාලය දක්වාම ගුරුවරු තමයි දරුවන්ගේ දෙවෙනි මව, දෙවෙනි පියා වන්නේ.

මේ වෙනකොට දරුවන් සහ ගුරුවරුන්ගේ සම්බන්ධය එතරම් බැදීමක් නැහැ.

හැබැයි දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ බැදීම වගේම දරුවන්ව හරි මාර්ගයට යොමු කිරීමට කටයුතු කරන පාසලක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

ඒ සොරබොර වැව මහා විද්‍යාලයේ වීඩියෝවක්.

එම පාසලේ සංගීත ගුරුවරයෙක් උදෑසන රැස්වීමේ දී දරුවන් දිරි ගන්වමින් උපදෙස් දීමක් සිදු කරනවා.

එහිදී එම ගුරුවරයා කියා සිටියේ දරුවන්ගේ හැකියාවන් නිසි ආකාරයෙන් හදුනාගෙන විවිධ පැතිවලට යොමු කළ යුතු බවයි.

හැම දරුවෙක්ම එක අරමුණක් පසු පස හබා නොයා තමන්ට කළ හැකි දෙයක් තෝරා ගත යුතු බවද කියා සිටියා.

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත” යන කියමන තමන් වෙනස් කරන බවද සඳහන් කළා.

එම ගුරුවරයා එම කියමන මෙසේ “ලොවෙන් එකෙක් එක් දෙයකටවත් වෙයි සමත” වෙනස් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: