hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 ජූලි 20, ප.ව. 12:46



මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අවසාන දින හතලිහ පාසල් ගොස් නැත්නම් විභාගයට අයදුම් කිරීමට ඉඩ නොදීමට කොළඹ ප්‍රසිද්ධ පාසලක් තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම විද්‍යාලයේ සිසුන් 200කට පමණ මෙවර පාසලින් විභාගය අයදුම් කිරීමට ඉඩ නොලැබෙන බව වාර්තා වෙනවා.

මෙවර පෞද්ගලික අයදුම්කරුවන් ලෙස අයදුම් කිරීමට 2023 උසස්පෙළ දරුවන්ට අස්වීම් සහතිකය අනිවාර්ය කර තිබෙනවා. 

ඒ අනුව ප්‍රථම වරට උසස්පෙළට අයදුම් කරන විදුහලෙන් අයදුම්පත් නොලබන දරුවන් 60ක් පමණ මේ වන විට එම විද්‍යාලයෙන් අස්වීමේ සහතිකය අයදුම් කර තිබෙනවා.

අස්වීම් සහතිකය ලබා දීමට දින තුනක කාලයක් විද්‍යාලයට ගතවන බැවින් හා අස්වීම් සහතික නිකුත් කරනුයේ අගහරුවාදා හා බදාදා දිනවල පමණක් වන බැවින් එම විද්‍යාලයේ දරුවන් බොහෝ දෙනෙකුට පෞද්ගලිකව හෝ විභාගයට පෙනී සිටීමේ අවස්ථාව අහිමි වනු ඇති.

පාස්කු ප්‍රහාරයේ සිටම විවිධ ව්‍යසනයන් රැසක් හමුවේ අධ්‍යාපනය ලත් දරුවන් මෙබදු පීඩනයකට ලක් කිරීම සාධාරණ නොවේ.

ලංකාවේ සියළුම පාසල් වල පොදු නීතියක් ක්‍රියාත්මක නොවීමෙන් දරුවන් කොටසක් අසාධාරණයට ලක්  වන බව දෙමාපියන්ගේ අදහසයි.

ජූලි 28 දිනයෙන් පසු උසස්පෙළ විභාගය සදහා අයදුම්පත් භාර ගැනීම අවසන් වෙනවා.

ගම්පහ – චම්පිකා මුතුකුඩ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: