hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 24, ප.ව. 5:08



ට්විටර් සමාජ මාධ්‍යයේ නිල ලාංඡනය වෙනස් කිරීමට එහි හිමිකරු ඊලොන් මස්ක් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, නිල් පැහැති පක්ෂියාගේ අනුරුව සහිත ලාංඡනය වෙනුවට මෙතැන් සිට ඉංග්‍රීසි ‘X’ අකුර ලාංඡනය ලෙස භාවිත වනු ඇත.

මෙතෙක් ට්විටර් සමාජ මාධ්‍යයේ පළ කෙරුණු දේ ට්වීට් ලෙස හැඳින්වූ අතර, මෙතැන් සිට ඒවා හඳුන්වන්නේ “x’s” යනුවෙනුයි.

මෙය ආරම්භ කරමින් බිලියනපති ඊලොන් මස්ක් ට්විටර්හි සිය ඡායාරූපය ලෙස නව ලාංඡනය යෙදූ අතර, ඔහුගේ ජීව දත්ත අතරට “X.com” යන්න එකතු කළා.

ඊලොන් මස්ක් ට්විටර් සමාජ මාධ්‍යය පවරා ගැනීමෙන් පසු එහි ආදායම අඩකින් අඩු වුණා.