hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 අගෝස්‍තු 02, පෙ.ව. 1:08



පාදුක්ක ප්‍රදේශයේ පාසලක් තුළ සැරිසරන බව කියන භූතාත්මය එක් කාන්තා ක්‍රීඩා කණ්ඩායමක් සමඟ පමණක් සැරිසරන බවට තහවුරු වන සිද්ධීන් ගණනාවක් සිදුව ඇතැයි තම දරුවන් පවසන බව මව්පියෝ කියයි.

අදාළ ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩාංගණයට ගිය අවස්ථාවලදී පන්තියෙන් ක්‍රීඩා පිටියට ගිය ප්‍රමාණයට වඩා එක් අයෙකු සෑම අවස්ථාවකදීම ගණනය වී ඇති බවත්, වාර කිහිපයක් ගණනය කළද ඒ සෑම අවස්ථාවකදීම පිටියට ගිය පිරිසට වඩා එක් අයෙකු ගණනය වීම පිළිබඳව සියලු දෙනා පුදුමයට පත්ව ඇති බවත් ඔවුහු පවසනවා.

මෙය කිසිවකුට පැවසුවද විශ්වාස නොකරන මුත් එසේ සිදු වී ඇතැයි තම දරුවන් පවසන බවද මව්පියෝ පවසනවා.

එම ක්‍රීඩා කණ්ඩායම භාර ගුරුවරිය ද කිහිප අවස්ථාවකදීම බියට පත්ව කෑ ගසා ඇති බවත් මේ නිසාවෙන් තම දරුවන් පවා බියට පත්ව ඇති බවත් ඔවූහු කියයි.

අදාළ ගුරුවරියගේ නිවෙසේද මීට පෙර භූතාත්මය සම්බන්ධයෙන් තොවිලයක්ද පවත්වා ඇති බවත් ඉන් පසුව පාසලේදී එම භූතාත්මය දැක පසුගියදා කලබලකාරි තත්ත්වයක් ඇති වී තිබෙන බවද පැවැසෙනවා.

මෙම තත්වය නිසාවෙන් ඉතා ඉක්මණින් පාසැල තුළ පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමට යෝජනාවක් මේ වන විට සැලකිල්ලට ගෙන තිබුණ ද තම දරුවන්ගේ සිත් පිරිසිදු කිරීමට මේ සඳහා යම්කිසි විද්‍යාත්මක සාකච්ඡාවක් පැවැත්විය යුතුබව ද එම මාපියන් යෝජනා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදාළ පාසලේ වගකිවයුතු කිහිප දෙනෙකුගෙන් විමසීමක් සිදු කළද ඔවුන් පැවසුවේ මෙය කටකතාවක් බවත් එවැනි සිද්ධියක් තම පාසල තුළ සිදු නොවූ බවත්ය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: